Wednesday, November 24, 2010

කවිතා ලතා: කඳු සහ ගෙවල්


ළඟ ළඟ ඉදිවුණ
සම සම උස ඇති
ගෙවලෙහි අසමගි

විරසක මැසිවිලි
මතුවෙනු දැක දැක
ළඟ ළඟ මතු වුණ

නෙක නෙක උස
ඇති කඳු පෙළ
සමගිව මුනිවත

රැකගෙන නිහඬව
පසු වෙන හැටි – අර!

කුමාර කවිරාජ
from http://www.silumina.lk කවිතා ලතා

1 comment: