Monday, November 22, 2010

(((කැම්පස් කවි))) හික්ස්...!


නරියා හු කියයි ඩිග්‍රිය ඌට නැත
එළුවට රැවුල ඇත කැම්පස් ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික පමණි ඩිග්‍රිය නම් පලක් නැත
----------------------------------------------
සමතුලිතයෙහි දි ඔබ හා එක්වෙන්න
ඉල්ලුම තිබුණි හද උතුරා පිටවෙන්න
සැපයුම නොලද තැන ඔබගෙන් ඇතිවෙන්න
සිදුවුනි මෙමට සමතුලිතෙන් විසිවෙන්න
----------------------------------------------
සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතු
අම්මා දනී නම් මේ සරසවියේ තතු
වර බොල කොලුවො යයි දෙනෙතින් කඳුලු යුතු
ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතු
----------------------------------------------
මා ද ඔබ විය
ඔබ ද මා විය
ඔබ අන්සතු විය
මට කෙල විය
----------------------------------------------
බඩ ගිනි වෙලා මා ගිය කල ජිම් එකට
ගල් වුණු වඩේ විතරක් තිබුණි කැමට
කුල් ප්ලෙන්ටිය උගුරෙන් යන කලට
තු නොදකින් සිතුනා විඳිනා දුකට

http://dkumara.blogspot.com by Danushka Kumara

No comments:

Post a Comment