පී.බී.අල්විස් පෙරේරා

පී.බී.අල්විස් පෙරේරා
From http://www.weblk.com/derana/kaviya/

ක්‍රි.ව. 1917 මාර්තු මස තුන්වෙනි දින
කොල්ලුපිටියේ පල්ලියවත්ත නමැති බිම්
පියසෙහි මෙතුමා මෙලොව එළිය දුටුවේය.
පී.බී.ජෙමිස් පෙරේරා මහතා සහ බෙන්තර
ආරච්චිගේ පොඩිහාමිනේ මහත්මිය අල්විස්
පෙරේරාගේ දෙමාපියෝ වූහ. පී.බී.අල්විස්
පෙරේරා කොළඹ කවියෙහි ද්විතීය යුගය
ජනප්‍රිය කීරීමෙහිලා මුල්තැනක් ගත් කවීන්
කිහිපදෙනා අතර ප්‍රමුඛයෙකි.
සිංහල කවියෙහි වස්තු විෂය පුළුල් කිරීමට දායක වූ අල්විස්
පෙරේරා තමා ජීවත් වූ යුගයේ සමාජයීය හා ආර්ථික බලවේග
මනුෂ්‍ය සමාජයේ හා ජීවිතයේ පැවැත්මට බලපෑම් කළ ආකාරය
සිය කවියට වඩාත් ප්‍රබල ලෙස ඉවහල් කර ගත්තේය. එමෙන්ම
මෙතුමා ලිහිල් බසින් කවි තැනීම ප්‍රිය කළ නූතන කවීන් අතර
ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර, පැරණි ඇදුරන්ගේ පද්‍ය රීතිවලට
වහල් නොවී නිදහස්ව තම සිතිවිලි හෙළි කරන මේ කවියා
අගනුවර තරුණ කවි සමාජයේ සභාපති වරයා වශයෙන්ද
කටයුතු කළේය. වසර ගණනාවක් තිස්සේ දේදුන්න කවි
සඟරාව පවත්වාගෙන ආයේය.

කොල්ලුපිටියේ උපත ලැබුවද කුරුණෑගල දිස්ත්‍රික්කයේ වදාකඩ
නම් ග්‍රාමයේ ජීවත් වූ අල්විස් පෙරේරා, 1966 අගෝස්තු මස
21 වනදා මෙලොවින් සමුගත්තේ පරම්පරා ගණනාවකට සිය
නම අමතක කළ නොහැකි මටිටමකට ගොඩ නැගීමෙන්
අනතුරුවය.

මාර්ටින් වික්‍රමසිංහයන් "නව පද්‍ය සිංහලය" කෘතියෙහි
අල්විස් පෙරේරාගේ කවිත්වය ගැන මෙසේ සඳහන් කරයි.

" තමන් ඇසූ, සිතූ දේ සංවේග දනවන බසින් වර්ණනා
කිරීමෙන් අනික් තරුණ කවියෙක් අල්විස් පෙරේරාට ළං
නොවෙයි. "

" සිතින් මවනු ලබන ලෝකය විසිතුරු ලෙස වර්ණනා
කරන්ට පැරණි සිංහල කවීන් පවා නොලත් ශක්තියක්
අල්විස් පෙරේරාට ඇත. "
අල්විස් පෙරේරාගේ කාව්‍ය නිර්මාණ

1. උක්දඬු ගින්න
2. මගේ රට
3. සංවාදය
4. අපේ හටන
5. ළමයින්ගේ සුරපුර
6. ජන්ම භූමි
7. මිය ගිය කිරිල්ලී
8. ලුලුම්බා
9. කේයස්
10. අනුර සීනය
11. සුදු මැණිකේ
12. කවුද ඇවිල්ලා
13. නාගස යටදි
14. අලුත් කඳුල
15. පබළු මිණි
16. රන් තලිය
17. උප්පලවන්නා
18. බුදු මැදුර
19. සොබා දුහම
20. ගොවි පෙරමුණ
21. වේදනාව
22. දෙව්ලොව ගිය කම්මැලියා
23. ඉරුණු කොඩිය
24. අන්ධ කවියා
25. කරදාසි පහන්
26. සුවඳ විලවුන්
27. විමලරත්න කුමාරගම
28. වන මාලා
29. නොගයන ගීතය
30. මිණිපාන
31. ජපන් රටේදි ලියවුණු කවි
32. ළිඳු ලඟ
33. පුතා නිදි
34. නැටුම

From http://www.weblk.com/derana/kaviya/