හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Tuesday, November 23, 2010
නොපිපි මල... | ~~..... සංසාරේ අපි ..... ~~
අවාරේ වට වැස්සට
දියබත් වනු දැන දැන
නිරුවත් බිමෙක හිස බා
නිදා මෙන් උන් ..නොපිපි මල..
උහුලනු නොහැකි සැඩ ඉරට
වරක් ඇස් දුන් වරදට
කඳුලු වියලෙන ඇසක
ලකුණු ඇත හිරු ලපයක..
මසැසෙන් ගිලිහි බැල්මක
මනැසින් තැවරු වෛවර්ණ
සියැසින් නම් නො එන තතු
රහසින් කියන අවසන...
සුලං කෝඩෙක පැටලුන
පැටලි පැටලී ඇමිණුන
ඇමිණි ඇමිණී ඉහිරුන
කවියක්ය..නොපිපි මල...
http://sansaare.blogspot.com by ජීවිතේමල්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment