Thursday, November 18, 2010

නුඹ.........

රල නැඟූ මුතු සිනා අසිරියෙන්
වැලපෙනා අහිංසක වෙරල ගැන
දැන සිටියො කවරහුද නුඹම මිස
මෙ මිහිතලයෙහි .........

වසන්තය නිමා කර ගිම්හානයම ලංකර
කඳුළු මුතු ඉතිරි කර හැර ගියපු අරුමය
දැන සිටියො කවරහුද නුඹම මිස
මෙ ගඟනතෙහි .........

අවරෙහි ගිලෙන හිරු දැක පුංචි තරුවක් මඟ හැර
සඳම ලංකර හිනැහෙන බව
දැන සිටියො කවරහුද නුඹම මිස
මෙ විශ්වයෙහි .........

වලදැමූ අතීතයෙ සුසානය මත වැතිර
කෙලිදෙලෙන් සන්තොසින් රඟන බව
දැන සිටියො කවරහුද නුඹම මිස
මෙ දිවි ම‍ෙගහි .........


by SAC

No comments:

Post a Comment