හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Saturday, November 20, 2010
මහගම සේකර.. Mahagama Sekera: මක්නිසාද යත්, උපුටනය 04
බිඳෙන් බිඳෙන් ජලේ
පයිප්පයෙන් වැටේ
බෙලෙක්ක ටින් රැගත්
ළමෝ වටා සිටිත්.
ඇටෙන් ඇටේ ඉලේ
හමෙන් නෙරා පෙනේ
බතක් නැතත් කුසේ
බඩත් පිරී තිබේ
උඩින් උඩින්දෙපා
තබා මඩින් මිදී
සුරංගනාවියෝ
මුඩුක්කුවෙන් බසිත්
ඉහින් කනින් පිරී
ඩබල් ඩෙකර් දුවයි
ඇසුත් කනුත් වසා
නගින්නෙ දූවිලියි
නොකා නොබී කෙසේ
මැරෙම්ද හාමතේ
කකා කකා කියා
හඬත්ය කාකයෝමහගම සේකර..
http://mahagamasekera.blogspot.com
by මහගම සේකර: මක්නිසාද යත් උපුටනයකි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment