Sunday, November 21, 2010

මොනිකා රුවන් පතිරණගේ හිපොක්රටීස් සහ රෝගිනිය කාව්ය සංග්රහයෙන්


කියන්න මහතාණෙනි මට
ඔබද උතුම් හිපොක්රටීස්
ලොකු කොළුවා මට දවසක්
පොතක තිබී කියාදුන්නෙ
වෙද සතරේ පියාණන්ලූ
හිපොක්රටීස් නම් උතුමා
ඒ ඔබදැයි කියන්න මට
දොස්තරලා දිවුරුම් දෙන
ඒ උත්තම දිනයේදී
සාක්කියට බලා ඉන්නෙ
උඩ අහසේ දෙවිවරුන්ලූ
එ් දිවුරුම කියා දුන්නෙ
හිපොක්රටීස් උත්තමයලූ
මගෙ ඉගෙනුම ඉවරවෙලා
දිවුරුම් දෙන දවසේදී
දිවුරුම් දී අප කවුරුත්
පොරොන්දුවක් වෙනව තමයි
සේවයටම කැපවෙන්නට
එයින් පසුව මා කිසිදා
මතක් කලේ නැත ඔහු ගැන
උදේම රජයේ රෝහල
හවසට චැනල්වලම
ගඟක් වගේ ඇදී ගලන
රෝගී ජන ගංගාවේ
ලෙඩුන් එගොඩ දමනු මිසක්
මතක කොහිද හිපොක්රටීස්

http://bodhini.blogspot.com by "Bodhini" මොනිකා රුවන් පතිරණගේ හිපොක්රටීස් සහ රෝගිනිය කාව්ය සංග්රහයෙන්

No comments:

Post a Comment