Friday, November 19, 2010

පර්ත් කවි - සුනිල් ගෝවින්නගේ පද්‍ය නිර්මාණ: එතර සිට කරන ඉල්ලීමකි


ලියන්නේ කවි කුමට මතක සඟවන රටට
ලැබෙන්නේ නැත සරණ ලියූමුත් කවි නිබඳ
පතන්නේ කවි බසක් නොව හදකි බස් දොඩන
සිතන්නේ ගං වතුර ඔබේ රට ගොදුර වෙන

දෙරට තොරතුරු අතර ශෝකයකි ගං වතුර
ලියන කවියක් වුව ද පාරුවක් නොවනු ඇත
බඩගින්න මැද හඬන දුක් තැවුල් මැකෙනු නැත
කවි මගින් එවන්නට නොමැත තිළිණයක් අද

දෙව් බඹුන් උරණ වී එවූ මහ වැස්සක් ද
සරණ නැති දන නෙතට නැගි කඳුළු ගංඟා ද
රට රකින නිරිඳුන්ට එවු සාප වැස්සක් ද
ලියා දන්වනු මැනවි දිනෙක කිවිසුරු සබඳ
http://perthkavi.blogspot.com by පර්ත් ග්‍රාමවාසී සුනිල් ගෝවින්නගේ

No comments:

Post a Comment