Tuesday, November 16, 2010

බූන්දි|BOONDI: KAVI BOONDIYA | කාර්යාල කාර්ය සහායක ගේ මරණය - [ආරියවංශ රණවීර]

බූන්දි|BOONDI: KAVI BOONDIYA |
රිය එක නින්නාද කළ
නැටුම්
කෙළි කවට සිනා
මළගෙට හරියටම හැතැප්මයක් මෙහාදී
නතර කොට
පැළැන්දහ
ඔවුහු
සෝක මූණු

රියෙන් බැස
නියඟය දපා ගෙන හිඳින
වෙල් එළිය හරහා වැටුණු
නිරන්තර පා මැඩුමෙන්
සුදු වුණු නියර දි ගේ ගොස්
හිඳී බී ගත් මළ දොළින් පැන
පිවිසුණහ මළ ගෙට

ගිලිණු නෙත් කෙවෙනි තුළ
කසිප්පුවෙන් ඉදිමුණු නෙතින්
හතර පස් දෙනෙකු තැන තැන
දොඩන වාචාල බස් කපා ගෙන
ඉඳ හිට
පොළොව දෙදරවා විත්
සිරුරු විනිවිද යන
කම්පා නාදයකි
ගෙතුළ ගැහැණියක ගේ

කන්තෝරුවේ
නෝනලා මහත්තැන් හැඳි
සුදුම සුදු ඇඳුම් දෙස
මුව අයා බලා
මුළු මුළු වන
කිළිටි දරු පැටව්
හය හත් දෙනෙකි

සංක් ෂේප කොට
මේ සියල්ල
ගුලි වී සිටී
ලෑලි පෙට්ටි යේ
පිදුරු වහලය දික් කර
හදිසි යේ බෑ
යාලත්ත යට
කෙසඟ
මළ සිරුර

හැරී යන විට
නිහඬ රිය තුළ
සෝපත් සැබෑ මූණු
නොවෙනස්වම තිබිණි
හැතැප්මයකට වඩා
බොහෝ දුර

[ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ 1988]

ආරියවංශ රණවීර

No comments:

Post a Comment