Monday, November 29, 2010

මල් තුහින: තරුමල්


සඳ වට්ටියට
කඩා තරුමල් අහුරක්
ඇලෙව්වෙමි
නීල වළා සළු මත
සැරසෙනු පිණිස
හැර ගිය පෙම්වතාගෙ
මගුල් ගෙදර යන්නට
http://akkandi.blogspot.com by අක්කණ්ඩි

වැලි තලප from Deva Blog


1. කැකුළු සහල් පිටියෙන් ද
‍වටකර ඔලු ඇට මෙන් ද
තම්බා කඩ පිම්මෙන් ද
සුරැකිව තබා යෙහෙන්

2. කිතුල් හකුරු සමඟින් ද
මඳක් සීනි සමඟින් ද
හැඳිගා කකාරමින් ද
ලණු වැටෙනා පදමින්

3. තිවග දෙදුරු සමඟින් ද
එක එක පමණ යසින් ද
බැද සුන් කර ගනිමින් ද
එකතුව සෑම දෙයින්

4. බඳුනක ලා සතොසින් ද
සමකර යස විලසින් ද
එදවස පසුව ගොසින් ද
ගනිමින් නැවත තොසින්

5. කැබලිව සැනින් කපා ම
රඹ කැන් සමඟ කදී ම
ලොව සතහට සොඳ කෑ ම
අසනුව නැණැති සියල්

6. උදය උදය සැමදා ම
වළඳා උනු පැන් බී ම
සත් සිත් වෙර පිනවා ම
මියුරු දෙයකි සුවිපුල්

7. වැලි තලපය යන නා ම
පැවසුය පෙරැදුරු සෑ ම
වා පිත් සමන කිරී ම
කදිමට වේ නිරවුල්

8. තකිරඟ කිරන කිදෙන් ද
සිටිතක තක්කිට කින් ද
දොමිකිට කිමිතක කුන් ද
ජෙනෙකිට ගුදිත ගුදන්

කවි පෙල ලියලා තියෙන්නේ ඔදානිස් රබන් ගුරුතුමා.
පදවැල
ඔලු ඇට = ඕලු ඇට
කඩ පිම්මෙන් = වණ්ඩුවෙන්
ලණු වැටෙනා = නූලක් මෙන්
තිවග = කරාබු නැටි, වසාවාසි, සාදික්කා
දෙදුරු = සූදුරු, මාදුරු
සුන්කර ගනිමින් = කුඩුකර ගනිමින්
සුවිපුල් = ඉමහත්
http://sdevinda.blogspot.com BY DEVINDAA

Sunday, November 28, 2010

හද බිඳි සර..: මල් වලප


අපේක්‍ෂා සපිරි හද කුසුමක්ව පෙති විහිද
නටු මතින් හිස න ගා සිනාසෙන්නට තනන
ඇසිල්ලේ ප්‍රභාතේ පෙති එකින් එක සිඳින
තෙතමනය නොරැඳුනිද ඔය ඇඟිලි තුඩු අගට

වැසි වසින තෙක් බලා නව ළදලු හිස මතට
පළඳන්න දුක් විඳින තුරු අගිස් නොපෙනේද
අනුන් සිත සදනු වස් ඒ පැතුම් සිඳ දමන
උයන් පල්ලෙකු විනිද නුඹ තවත් මා අසල

නොදන්නා බඳුනකට‍ නෙළන්නට පෙර අතුව
මේ බිමේ දැවි දැවී මියෙන්නට පෙර අතුව
සිඳිනු මැන. සුවඳ දුන් මේ සිහින් නටු අගම
ජීවිතේ පැතුම් මල් පෙති එකින් එක ඉතින

http://suonline.blogspot.com by Su

කැටපත් පවුර: නිශ්ශබ්දතාව කතා කරයි - මහගම සේකර


ඔබගේ හදවතින් නැගෙන
නිහඬ සියුම් අඳෝනාව
අනන්ත වූ අවකාශය
නිශ්ශබ්ද ව අසා සිටියි

ඔබට ඉතා ළඟින් සිටින
ඔබෙන් බොහෝ ඈත වෙසෙන
මම ද
ඔබගෙ දුක් ගී හඬ
එපරිද්දෙන් අසා සිටිමි

දහවල දිව පැන දඟලන
කලබලකාරී ලෝකය
රාත්‍රියේ අඳුර පෙරව
සන්සුන් වී නිදියන කල
ඔබ නොනිදා
කවුළු දොරින්
අහස් ගැබට හෙලූ නෙතින්
මගේ හදේ දුක් ගී හඬ
ඔබේ හදින් අසන විට දි
මම නොනිදා
කවුළු දොරින්
අහස් ගැබට හෙලූ නෙතින්
ඔබේ හදේ දුක් ගී හඬ
මගේ හදින් අසා සිටිමි

අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසල ව අසා සිටියි

ඔබගේ ඇස් වලින් පෙරෙන
කාන්තියෙන් එළිය රැගෙන
පොඩි තරු කැට දිලී නිවී
කඳුළු හෙළා වැළපෙන හැටි
ඒ අවකාශය අතරින්
නිදි නැති මට එවිට පෙනෙයි

මගේ හදින් නැගෙන සුසුම්
අඳුර අතර පා වී ගෙන
කවුළු දොරින් රිංගා විත්
සෙමෙන් ඔබේ හිස පිරි මැද
නිදි නොමැතිව සිටින ඔබගෙ
මුහුණ සිඹිනු ඔබට දැනෙයි

අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසලව අසා සිටියි

ඔබෙත් මගෙත් දුක් ගී හඬ
අසා සිටින අවකාශය
පිටත ලොවට නෑසෙන්නට
නොපෙනෙන්නට මැරී සිටින
ඔබෙත් මගෙත් ආත්මයන්
නිසංසලව එක් කරවයි

මහගම සේකර
සක්වා ලිහිණි - 1962

http://ketapathpawra-blog.blogspot.com by තුෂාරි ප්‍රියංගිකා -කැටපත් පවුර

Thursday, November 25, 2010

මම දෙමළ


වීරසේනගෙ වැඩ තහනමට
රෙදි මෝලේ ගිනිගහන ඉර යට
උගුර ලේ රහ වෙනකම්ම
කෑ ගගහ පිකටින් ඇවිළුව
මම දෙමළ.
වීරෙට වැඩ ලැබුනු පණිවිඩයට
"නඩේ සහෝදරයට ජයවේවා"
රජෙක් සේ උඹලා උස්සන් ගිය
මම දෙමළ.
වෙඩි තිබ්බ වැඩ වැරුමට
වෙඩි වැදුනු සිරිපාලව
අත් දෙකෙන් උස්සන්
හුස්මට දෙකට
මහ රෝහලට පියාඹපු
මම දෙමළ.
සේලයින් වැල් ඇමිණුව ඇඳ ලඟ
"නඩේ මම ණයයි පණ බේරුවට"
සිරා බදාගෙන ඇඬුව
මම දෙමළ.
රෝහලෙන් ඉල්ලූවෙ නැහැ
සිංහල ලේ
ගැබ්බර කුසුමට පණ අදින.
ලියලා තිබුනෙ ඇඳ ඉහපත
"ඕ නෙගටිව්"
මට විතරක් තිබුන
මම දෙමළ.
හෑල්ලූව ලත් සැණින
"පුතේ උඹ අයිති නඩේ මාමට"
පොඩි එකා මගෙ අතට දුන්නට
මම දෙමළ.
වීරෙ උඹේ හඬ ඇහෙනවා
පිකටින් කරන
දෙමළු මරල හරි
සාමය ඕනැයි කියන.
සිරෝ ඉස්පිරිතාලයක් නැහැ මට
ෂෙල් වලට කුඩු වුනු
සමතලා ගල්කෑලි බිල්ඩිම මිස.
කුසුමියේ
"ඕ නෙගටිව්" ලේ
ගලනවා හතර අත
උරන්නෙත් නැහැ
වටිනකමක් දන්නැති
ගල් කාශ්ඨක පොළොවට.
සනුහරේ අමු සොහොණ ලඟ
දරු මුණුපුරන් යායට මැරුණ
පණ අදිනවා මම දැං තනියම
මම දෙමළ.

මහේෂ් මුණසිංහ 2009 මැයි
http://groups.google.com/group/votebahu/

වැහි සේල වට කරන් මුතු කුඩයේ රැලි යටින්… « සමනලීට හිතෙන හැටි……. | Samanalee


ආකාස කුමරි ගෙල බැදි මාල පොට බිදින
සිලි සිලියේ වැහි පබලු මිහි මවගේ මුව සිඹින
සුළඟ හා රැදි ඇගේ රන් තෝඩු දඟ කරන
අහස් කුස නෙක රටා ඇදි විදුලි රැස් විදින

අකීකරු කෙස් රොදත් සුළඟ හා රඟ දෙමින
වැහි බින්දු හෙමි හෙමින් කොපුල් තල මත දුවන
මුදු සේල එතී බඳ වටා ඇගෙ රුව වඩන
මුතු කුඩය යටින් හනි හනික දිව යන ගමන

මුදු සුළඟ එති එතී හමා යන නොතනියට
අදුරු නුබ වලා සේලෙන් වැසී ගිය පැයට
ගත සිතට සුව රැගෙන වඩින මුතු වැසි පොදට
පමා වනු නොහැක යන ගමන ඔහු දකින්නට

සැදෑ හිරු කිරණ යට ගෙවන්නට සිතූ පැය
විහඟ ගී නද මැදින් රඟන්නට පැතූ ඇය
වැහි සේල වට කරන් මුතු කුඩයේ රැලි යටින්
සොඳුරු වැස්සක ඇවිද යාවී අතිනත අරන් සමනලීට හිතෙන හැටි……. |

http://punchisamanalee.wordpress.com by Samanalee

කවි :: පන්හිද පාමුල පිපි අරවින්දිය: සිත්තර සිහිනය..


සිත්තරෙක් වී නම් මම..
හැඩ බලන්නට ඔබේ සිතුවම..
සිත් සේ.!
සුසුම් පොදකින්..
සින රැලකින්..
දිලිසෙනා නෙත්,
පාට ගන්වා...
අකලික ප්‍රේමයේ තෙලි තුඩගින්..
සිත්තරෙක් වී නම් මම...
හැඩ බලන්නට ඔබෙ සිතුවම
සිත් සේ....!

from http://yasasinirma.blogspot.com BY YASASI

Wednesday, November 24, 2010

මෙරට හැටි - මුනිදාස කුමාරතුංග



නිඳන පැදුර හිඳිනා අස්න කන ප ත
බඳුන බොන දරන නම කර බඳින ක ත
වදන තැන ද යන සත දැයි සිහළ ස ත
රඳුන කූල දුහම් පැවතූම කූමක් ව ත

පැරැ කූම් දුටු ගැමුණු නම කියමින් නිත ර
පැරැ දුම් විඳිති ගැහැනුන් අතිනුදු ගෙදු ර
සැරැ හුම් කළ මෙලකැ වැව් වනමින් පත ර
ගැරැ හුම් ලබති සිඳැ බඩැ ගින්නේ වැති ර

ගැරහු නුගූණ ඊයේ අද ගූණයි ව නා
සැරහු බතින් සපයන බත බඩට ම නා
අරහු කියන සතූනුද ගූණ නොපර ය නා
නරහු රනට කෙළි බිම දැන් මෙලක ව නා

නමට ගරු අරුත් දෙන පදු තූන හත ර
අගට මුලට යොදුමින් හිරි කැරැ බැහැ ර
ලොවට සිනා සපයන පඬිවරුන් ස ර
මෙරට වැනි රටෙක් තව ඇත්නම් කව ර

from
http://www.weblk.com/derana/kaviya/ by Kavi Potha - The site of Sinhala Poetry

කවිතා ලතා: කඳු සහ ගෙවල්


ළඟ ළඟ ඉදිවුණ
සම සම උස ඇති
ගෙවලෙහි අසමගි

විරසක මැසිවිලි
මතුවෙනු දැක දැක
ළඟ ළඟ මතු වුණ

නෙක නෙක උස
ඇති කඳු පෙළ
සමගිව මුනිවත

රැකගෙන නිහඬව
පසු වෙන හැටි – අර!

කුමාර කවිරාජ
from http://www.silumina.lk කවිතා ලතා