ඇස්. මහින්ද හිමි

ඇස්. මහින්ද හිමි

නූතන කවි යුගයේ පහළ වූ විජාතික
සිංහල කවියකු වූ මහින්ද හිමියෝ
එකොළොස් වැනි වියෙහිදී ස්වකීය ජන්ම
භූමිය වන තිබ්බතයෙන් ලංකාවට පැමිණ
සිංහල ඇතුළු අනිකුත් ප්‍රාවීන භාෂා
මැනවින් හදාරා උසස් සිංහල කවියකු
ලෙස ප්‍රසිද්ධ වූහ. මේ හිමියන්ගේ
කවීත්වයෙහි කැපී පෙනුණ විශිෂ්ඨ ගුණය
නම් සිංහලයෙකුටත් වඩා සිංහල ජාතිය
ගැන උදාර හැඟීම් වලින් ප්‍රබෝධවත් වී
සිටි බවයි.

මේ හිමියන් විවිධ මතෘකා ඔස්සේ ලියා ඇති කවි දහස් ගණනකි.
ලංකා මාතා, නිදහසේ මන්ත්‍රය, නිදහසේ දැහැන, ජාතික දරු නැලවිල්ල
ආදී ප්‍රබන්ධයන්ගෙන් මහින්ද හිමියන් තුළ වැවී වැඩී
පැවතුන අවංක ජාති මමත්වය ඉස්මතු වී පෙනේ. පරාධීනව
සිටි සිංහල ජාතිය නිදහස් සටනට මෙහෙයවීමෙහි ඉෂ්ට මන්ත්‍රයක්
විය, මහින්ද හිමියන්ගේ කවිය.

බෑ ඉවසන්නට බෑ ඉවසන්නට
අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙහි ලූ ලුණු මෙන්
පුපුරන්නේය කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති
සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල් වන
දෙව් රජුනේ ලක රක්නා
කාව්‍ය මාතෘකා
ජාතික කාව්‍ය
අදු ලක්මවගේ පුත්තු
අපේ ඉදිරි ගමන
අපේ කමට සළකමු
ඉදිරියට
කටින් ජාතික ආලය පෙන්වීම
ජාතික ගති
ජාතික ගීයක්
ජාතික තොටිල්ල
ජාතික වීරයෝ
සිංහල ජාතිය
ශ්‍රි ලංකා උදය ගීත නිදහස
නිදහසේ දැහැන
නිදහසේ මන්ත්‍රය
පෙර රජුන් දවස ලංකාව
මංගල මොහොතේ පණිවුඩයක්
ලංකාව
ලංකා මාතා
සිරිලක් අම්මේ
සිහල විකුම්
සිංහල රජවරු
ළමා කව් ගී
අකුරු
අණ බෙරයක්
අන්න මෙන්න
අපේ පන්තිය
ඇතුළ පුහු
ඉක්මන් කොටයි
නිදහස
නිදහසේ උල්පත්
නියම ගොදුර
පට බැඳු නම්
අවිහිංහාව
ආතා
අන්ධ ළමයා
අම්මා
අලියා
උඩඟු කම
උත්තරය කියන්න
උදය
උදය සහ සවස
උදය සිරි

From http://www.weblk.com/derana/kaviya/