Sunday, November 21, 2010

Deva Blog: අන්දරේගේ කවි......


1. වතට ලවනතට නුඹ බලන බැල්මට
වරලසට ‍බෙල්ලට නළලට නාසිකාවට
ගමනට බසට නුඹ හට ලොබ කළ මෙමට
මොනවට කියම් නිදි නැත රැය තුන් යමට

2. යන්තම් සිනා නුඹෙ මූනට කුමක් වැනී
රන් දම් වැලක මල් පෙති ඇමුණුවා වැනී
අන්දම් ඊට සරි කරතොත් කුමක් වැනී
පන්දම් වැට උඩින් හ‍‍‍‍ද පෑව්වා වැනී

3. පතුල බැසා අල උදුරන කලට ලියේ
මකුල සේම වත ඉහලට යාය ලියේ
මුකුළු සිනා අප දැක කෝඩු කාරියේ
කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ

4. ඉහළ ගෙදර තල පැදුරේ කොබෙයියා
පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා
මන් දැකලා දොර අස්සෙන් එබෙයියා
ටිකිරි නගේ පියයුරු කයි කොබෙයියා

5. හිරකර ඇතත් තන පට තද කරම් බැද
දුරටම මට පෙනුනි නුඹෙ රං තැඹිලි කද
කරදර කරති මට මාගේ කිපුනු මද
නරකද මාත් නා ගත්තොත් එකට හිද

6. පායන්නේ තරිදු ලොව එළි කරණ මෙනි
රෑ වෙන්නේ ල‍දේ නුඹ වෙත ගත් ලොබිනි
නොසොයන්නේ මෙමා පූරුවෙ කල පවිනි
ගෑණුන්නේ තරම දැනුනේ මට නුඹෙනි

7. ලේනුන් නොයන අතු අග ගිජිදු යන ර‍ගේ
පීනුන් නොදැන බැස්සා වැන්න මහ ගගේ
මාළුන් කෙලියාට දිය බොර වේද ගගේ
ගෑනුන් දුටුවාම බඩ දගලාය මගේ

8. මහමී කුඩාමී වනයේ බොහොම ඇතී
කොයි කොයි මලෙන් මුත් බඹරුන් රොන් ගනිතී
කොතන උනත් හරිනෙද මැණික රුව ඇතී
රුව ඇත්නම් අඩු කුලයද කමක් නැතී

9. පල ඇත්නම් වවුලොත් එල්ලෙති පේණු
රුව ඇත්නම් අපටත් බස් දෙති ගෑණු
දෑසින් එයි කදුලු බිදු නොහැකිය වාණු
ඉතින් මොටද මේ වයසට නැති ගෑණු
http://sdevinda.blogspot.com by Devinda Abayagunawardana

1 comment: