Friday, November 19, 2010

අනේ ඔබ නැති රුදුරු කල්පය කවදා යාවිද ගතවෙලා……. « සමනලීට හිතෙන හැටි……. | Samanalee


පියුම් නොපිපෙයි අතු අගින් අද තුරු මුදුන් ඈත මැලවිලා
සොවින් වැලපෙන කුරුලු ගී පද කදුලු දෙනෙතට ලං කලා
පාලු අහසට දරනු බැරි බර කදුලු වැසි පොද දියකලා
මල් සුවද නැති බොල් සුලග දැවටෙයි සුසුම් වැල් පුරවලා

සදේ එළියෙන් කුමුදු නොපිපෙයි රිදී විල් දිය සැගවිලා
තරුද නොදිලෙන හිස් අහස මගෙ සිතේ කැඩපත් රුව වෙලා
හදේ සෝ දුක් සුසුම් රැලි වල වලා සේලය පැටලිලා
හිරුත් දෙවැනියි නැගෙන දුක් ගිනි දවන මා හද රිදවලා

රුව දකිනු නැති ​වදන් නොඈසෙන දුරක ඉන්නට සිදුවෙලා
සෙනෙහෙ වදනින් පිරෙන දෙසවන් වැසී පාලුව රජවෙලා
සිනා මල් සහසක් මැදින් දැවටෙන්න ඔබ ලග සැනසිලා
අනේ ඔබ නැති රුදුරු කල්පය කවදා යාවිද ගතවෙලා

පාලුවෙන් තැවෙන සමනලීගෙනි… « http://punchisamanalee.wordpress.com by සමනලී

No comments:

Post a Comment