හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Sunday, November 21, 2010
හද බිඳි සර..: සුබ පැතුම් !
(A Birthday Wish to Someone who's filled my world with so much love ..)
සසර හුරු ලෙසින් නුඹ මුණ ගැසී
නිතර රැඳි නෙත කඳුලු මග හැරී
අතර මග දිවියෙ බර දැරු හැටී
ඒ මතක දිව අවුත් මගේ හද සිඹී
ළෙව් නැගෙන ස්නේහයෙ ඔසුවෙනී
මගෙ ළයේ දුක් තාප නසමිනී
කල් සපිරි සඳ සේම නැගෙමිනී
හිත් අහස එකළු කළ'යුරු අගී
ඉඳු සැව් විලස වැහි පිට ඇඳී
කවි ගී ලෙසින් ගල පිට රැඳී
සේයා සේම ළඟ ළඟ වැටී
මා හද බිඳෙන සර නුඹම වී
කල් බැලූ තුටු සිහින වියළෙමින
සුසුම් ගත වැදෙන දුර අප නැතී
අද රැයේ සීනයෙන් සිරස සිඹ
පැතුම් එක්කරමි ආදරෙන් හද පිරී
http://suonline.blogspot.com by සු෴
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment