Thursday, November 25, 2010

වැහි සේල වට කරන් මුතු කුඩයේ රැලි යටින්… « සමනලීට හිතෙන හැටි……. | Samanalee


ආකාස කුමරි ගෙල බැදි මාල පොට බිදින
සිලි සිලියේ වැහි පබලු මිහි මවගේ මුව සිඹින
සුළඟ හා රැදි ඇගේ රන් තෝඩු දඟ කරන
අහස් කුස නෙක රටා ඇදි විදුලි රැස් විදින

අකීකරු කෙස් රොදත් සුළඟ හා රඟ දෙමින
වැහි බින්දු හෙමි හෙමින් කොපුල් තල මත දුවන
මුදු සේල එතී බඳ වටා ඇගෙ රුව වඩන
මුතු කුඩය යටින් හනි හනික දිව යන ගමන

මුදු සුළඟ එති එතී හමා යන නොතනියට
අදුරු නුබ වලා සේලෙන් වැසී ගිය පැයට
ගත සිතට සුව රැගෙන වඩින මුතු වැසි පොදට
පමා වනු නොහැක යන ගමන ඔහු දකින්නට

සැදෑ හිරු කිරණ යට ගෙවන්නට සිතූ පැය
විහඟ ගී නද මැදින් රඟන්නට පැතූ ඇය
වැහි සේල වට කරන් මුතු කුඩයේ රැලි යටින්
සොඳුරු වැස්සක ඇවිද යාවී අතිනත අරන් සමනලීට හිතෙන හැටි……. |

http://punchisamanalee.wordpress.com by Samanalee

No comments:

Post a Comment