හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Tuesday, November 23, 2010
නොපිපි මල... | ~~..... සංසාරේ අපි ..... ~~
අවාරේ වට වැස්සට
දියබත් වනු දැන දැන
නිරුවත් බිමෙක හිස බා
නිදා මෙන් උන් ..නොපිපි මල..
උහුලනු නොහැකි සැඩ ඉරට
වරක් ඇස් දුන් වරදට
කඳුලු වියලෙන ඇසක
ලකුණු ඇත හිරු ලපයක..
මසැසෙන් ගිලිහි බැල්මක
මනැසින් තැවරු වෛවර්ණ
සියැසින් නම් නො එන තතු
රහසින් කියන අවසන...
සුලං කෝඩෙක පැටලුන
පැටලි පැටලී ඇමිණුන
ඇමිණි ඇමිණී ඉහිරුන
කවියක්ය..නොපිපි මල...
http://sansaare.blogspot.com by ජීවිතේමල්
වැම්පයර්: Ran Banda Senevirathne Finale- රණ්බන්ඩා සෙනවිරත්න - අවසන් දිගහැරුම
http://blogvampa.blogspot.com by වැම්පයර්: Ran Banda Senevirathne Finale- රණ්බන්ඩා සෙනවිරත්න - අවසන් දිගහැරුම
වැම්පයර්: Premakeerthi De Alwis
http://blogvampa.blogspot.com by වැම්පයර්: Premakeerthi De Alwis
කවියට පෙම් බැඳ...: Hearts and Scars....
I've held hearts , young and old..
with tearing eyes on first few days
some had scars..old and healed,
ruptured valves, calcified arteries
we measured the length the weight and valves
just to see how much,one's heart had survived
Its really hard to hear and know
is that a gallop, a murmur or an ejection click
We weep and cry and throw it all out,
Tiny pinch pain becomes hard to hold up
The heart gets a scar when it all ends up
listening through membranes right into my ears
All that miseries weeps and tears
lub dub lub dub Ends up with a scar !
http://bodhini.blogspot.com by Bodhini
සජියගෙ සින්හල බ්ලොග් එක: ඇඟිලි පහේ කවි
ආල වඩන අනගි රත්නයෙන් සැරසෙනවා
කෝල නැතිව ආදරයට ඉස්සර වෙනවා
රාලහාමි බව මම කාටත් අඟවනවා
බාල නමුත් සබයෙදි මම සමතෙක් වෙනවා
කමකට නැති බස් කීවා නරකයි මට දැන්
සමහර දන රත්න ජාති මටත් දෙති බොලන්
හැමදේටම වැඩියෙන මම දන්නේ වෙදකන්
මෙම කාරණ නිසා මමත් සමතෙක් වද දැන්
ඔන්න ඉතින් උඹලගේ ලොකුකම මම දැක්කා
දෙන්න දෙන්න දෙ පැත්තෙ ඉඳගන මා රැක්කා
ඉන්න කලට සබයෙදි උස මහතින් බක්කා
දන්නෙ නැද්ද එහෙම නිසා සබයට ලොක්කා
පලවැල රස තුරුර සැම රසගුණ පෙන්නන්නේ
කලබලයක් දුටුවිට නුඹලා ඇකිළෙන්නේ
කොලහල අඬ දබර වලට තනියම යන්නේ
බල සොඳ සපනෙකි ලොව මා කවුරුත් දන්නේ
පොයියංගම් වෙන්ට ම වද උඹලගෙ ලොකු කම
ඇයි බං කාටත් නො පෙනෙද තිබෙන එකතුකම
කොයියම් දේ කරතත් තනියම පැත්තක් මම
දෙයියන්පල් එනිසා පට බැන්ද කෙනෙකි මම
['ජයමඟුල් සිලෝ හා අභිනව ජයමංගල ගාථා' පොතෙන්.]
http://sajithpramodya.blogspot.com by Sajith Pramodaya
මාරයාගේ හෝරාව: තාමත් සිහි වෙවී නිතර..
අතීතයේ සුවඳ දිගේ..
වෙල් ඉපනැලි..කමත් උඩින්..
පාවී එන මතක මැදින්..
මම ආයෙත් ගමට ගොසින්...
හතර වටෙ තිබු කැළෑව..
දුව පැන නැටු කුඹුරු යාය..
දිය බුං ගැසු වැව් තලාව..
මතක පොතේ රැදිනි තාම..
නයි මොනරුන් කොම්බු වවුල්..
මාළුන් සහ කවුඩු රුවින්..
ගල් තලාව ඉස්මත්තේ..
නුල් පන්දු පටලවාන..
සරුංගලේ උඩ යන විට..
උඩ පැන නැටු ළපටි රෑන..
පොල් වතු මැද ඉනි සිටුවා..
දෙපිල ඛෙදී රණ්ඩු වෙවී..
රබර් බෝල පළු යන තුරු..
එළි වූ තැන රෑ වන තුරු..
බිං කරුවල වැටෙනා තුරු..
බෝල ගැසූ සිගිති රෑන..
අපට උරුම අපේ ලොවෙ..
රජ වී සිටි පෙර දවසේ..
සෙල්ලම් සහ පොත් පත් මැද..
පාසල සහ පන්සල තුල..
වැඩිහිටියන ඔවදන් මැද..
ළමා දිවිය ගෙවිණි යසට..
දෑකැති ගෙන ගොයම කපා..
මිටි බැඳ කමතට ඇදලා..
මී හරකුන් දක්කාගෙන..
අත් ට්‍රැක්ටර් පසු කරාන..
ගොයම් කයිය කාපු අයුරු..
තාමත් සිහි වෙවී නිතර..
ආයෙම මට ගම යන්නට..
නොහැකි උනත් එදා වගේ..
දුක් වන්නට ඉඩක් නැතේ..
වැව් පිට්ටනි සිඳී ඇතේ..
කුඹුකෙ ළිඳත් වැසී ඇතේ..
එදා ගමත් අද නොමැතේ..
http://ctkumara.blogspot.com by මාරයා
නන්නත්තාරික ජීවිතය ..........: නන්නත්තාරික ජීවිතය ..........: තොටමුණක දියබත් කවිය
වාරකන් සිත් වෙරළ මත මෘදුව ඇවිද යන
සිප්පි බෙලි කවඩි මුතු පයින් මැඩ
මහා රළ පෙළ නැගී පිය ලකුණු මැකී ගිය
නන්නාදුනන කදුලු වියැලුණිය දෙනෙත් අග
ප්ලාස්ටික් හිස් බදුන් ගොඩගැහෙන ලෝකයක
අරුත්බර හැගුම් සිතුවිලි වලට ඉඩක් නැත
අරමුණක් නැතිව පාවී ඇදෙන මිනිස්වග
අකීකරු සුළගකට අවුල් වූ සිතුවිලිය
ඈත තොටමුණ වෙතට ඇදී යන නෞකාව
මගතොටේ මුණගැහෙන සල්ලාල ලිය බදුය
සලුබරණ පළදවා විදුලි බුබුලින් සදා
මුසාවක පැටලි ගිය අපේ ජීවිත වැනිය
පීඩිතව හෙම්බත්ව ඇවිලෙනා ලෝකයක
දහදියෙන් තෙතබරිත දුම්රියක, මැදිරියෙක
ගී ගයන පද පැටලි අද කොවුල් කූජනය
මිහිරි නැත කියන්නට මගේ සිත අවසගය
සෙලියුලර් තෙලබනුව සවන රදවා සිටින
පෙම්වතුන් යුවලකගේ රැහැන් තොර ආදරය
පෙර කලෙක කවි ලියූ පැරණි පෙම්වතා නොව
තෙවැනි සිල්පද බිදින පෙම්වතිය මෙදා ඇත
කෙන්ටර්කි කුකුලු මස් රස බලන යෞවනය
යුද බිමෙක තුරුණු අතපය සිදී ඇද වැටෙන
නැති කමට ඇග මසද දන් දෙමින මල්වියට
වෙස්සන්තරව නොව ජීවිතේ යලි පතන
ඈත ගිනි කාෂ්ඨක හේන් යායෙක වැවුන
බඩඉරිගු ගස් අතර හිස් කුසින් සැරිසරන
කේඩෑරි මිනිස්සුන් මට, මගේ ඉගෙනුමට
ගණින්නට බැරි තරම් කාසි දන්දී තිබිණ
බොහෝ ණය වී සිටිමි මම මගේ මව්බිමට
ගෙවන්නට හැකිවේද අතැර යන්නට ප්‍රථම
පතා යහපත් හෙටක් අනාගත පරපුරට
වෙමස් කර නික්ම යාමට හැකිද? සිතේ මට..........
http://kapilamgamage.blogspot.com by Kapila M.Gamage
Freedomගේ උඩුගිය: ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
මඟුල් ඇතා දණගහලා, දෝලාවෙන් වැඩමවලා,
අගමෙහෙසිය වෙන්නද උඹ හිතාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
ආලවඩන ඔමරි ලතා, බාල බොළඳ මිහිරි කතා
හැමදාමත් එක විදියට නෑ පවතින්නේ
මේ කන්නත් පහුව යාවි, අපි දෙතැනක වයස යාවි
ඉර හඳ තරු අපි වෙනුවෙන් නෑ නවතින්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
වනේ දුවන මුවන් බලා, හෙළා ඉවත නෙලූ පලා
නඟේ ඔහොම කොපමණ කල් ඉන්නද යන්නේ?
මට මව්පියො දොස් කියාවි, වෙන එකියක් ගැන සොයාවි
මම නම් නැහැ තනි පැදුරක වයසට යන්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?
කිරුළ උරුම කුමාරයෙක්....
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?//
http://freedom-sl.blogspot.com by Freedom
පිස්සාගේ ලෝකය: ‘මඤඤං කවි’
කොම්පියුටරේ ඇත එතනම පුරුදු ලෙස
මාත් ඉඳිමි 'අත පත' ගා එහි පහස
එනමුදු ‘ස්කයිපයේ’ ඔබ නැත පෙර විලස
ඒදෙස නොබලා ඉමි ‘දෙනෙතේ’ කඳුළු පිස
'ස්කයිපයෙත්' මහ සෙනගක් උන්නා තමයි
'ෆේස් බුක්' එකෙත් තොගයක් හිටියා තමයි
'මැසෙන්ජරෙත්' හෙන රොත්තක් බලා ඉඳියි
කවුරු ඇතත්, නුඹ නොමැතිව ‘දුකම තමයි’
‘වැඩ කෝටියක් ඇත’ මම ඉඳිනෙමි බකං නිලන්
‘මොකවත් නොකරමි’ පෙර ලෙස ත්‍රිලක් අරන්
කොම්පියුටරේ ලඟටම වී දෑස් යොමන්
හෙටවත් නුඹ එතැයි, ඉඳිනෙමි සිනා අරන්....
පිස්සාගේ ලෝකය: http://pissa-pissublog.blogspot.com
Monday, November 22, 2010
කැටපත් පවුර: නූතන ජන කවි - රසික සූරියආරච්චි
මාවිල් ඔයේ වක්කඩ හැංගූ හකුරූ
පුදුමාතලන් වෙරලේ දියවුනු අයුරූ
රට වටකර බැන්දත් සුවිසල් පවුරූ
ලෝ දම් කෙලෙස වලකනු හැකිවෙද? මිතුරූ
අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී
තිස් වසරක් යුධ ගින්නේ දැවුනු සඳ
ඇස් අන්ධව කන් බිහිරිව නොයාවිද
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්නද?
යුධයට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද? අද යු නැතුව
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව
ගසා දුම් බඹර පරපුර එලවාපං
කඩා ගත් මීය රස කරමින් කාපං
මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
එපා ලෙවකන්න කෑ අත හෝදාපං
මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?
- රසික සූරියආරච්චි
http://ketapathpawra-blog.blogspot.com by Thushari Priyangika &
Jagath J Edirisinghe
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)