Monday, November 29, 2010

මල් තුහින: තරුමල්


සඳ වට්ටියට
කඩා තරුමල් අහුරක්
ඇලෙව්වෙමි
නීල වළා සළු මත
සැරසෙනු පිණිස
හැර ගිය පෙම්වතාගෙ
මගුල් ගෙදර යන්නට
http://akkandi.blogspot.com by අක්කණ්ඩි

වැලි තලප from Deva Blog


1. කැකුළු සහල් පිටියෙන් ද
‍වටකර ඔලු ඇට මෙන් ද
තම්බා කඩ පිම්මෙන් ද
සුරැකිව තබා යෙහෙන්

2. කිතුල් හකුරු සමඟින් ද
මඳක් සීනි සමඟින් ද
හැඳිගා කකාරමින් ද
ලණු වැටෙනා පදමින්

3. තිවග දෙදුරු සමඟින් ද
එක එක පමණ යසින් ද
බැද සුන් කර ගනිමින් ද
එකතුව සෑම දෙයින්

4. බඳුනක ලා සතොසින් ද
සමකර යස විලසින් ද
එදවස පසුව ගොසින් ද
ගනිමින් නැවත තොසින්

5. කැබලිව සැනින් කපා ම
රඹ කැන් සමඟ කදී ම
ලොව සතහට සොඳ කෑ ම
අසනුව නැණැති සියල්

6. උදය උදය සැමදා ම
වළඳා උනු පැන් බී ම
සත් සිත් වෙර පිනවා ම
මියුරු දෙයකි සුවිපුල්

7. වැලි තලපය යන නා ම
පැවසුය පෙරැදුරු සෑ ම
වා පිත් සමන කිරී ම
කදිමට වේ නිරවුල්

8. තකිරඟ කිරන කිදෙන් ද
සිටිතක තක්කිට කින් ද
දොමිකිට කිමිතක කුන් ද
ජෙනෙකිට ගුදිත ගුදන්

කවි පෙල ලියලා තියෙන්නේ ඔදානිස් රබන් ගුරුතුමා.
පදවැල
ඔලු ඇට = ඕලු ඇට
කඩ පිම්මෙන් = වණ්ඩුවෙන්
ලණු වැටෙනා = නූලක් මෙන්
තිවග = කරාබු නැටි, වසාවාසි, සාදික්කා
දෙදුරු = සූදුරු, මාදුරු
සුන්කර ගනිමින් = කුඩුකර ගනිමින්
සුවිපුල් = ඉමහත්
http://sdevinda.blogspot.com BY DEVINDAA

Sunday, November 28, 2010

හද බිඳි සර..: මල් වලප


අපේක්‍ෂා සපිරි හද කුසුමක්ව පෙති විහිද
නටු මතින් හිස න ගා සිනාසෙන්නට තනන
ඇසිල්ලේ ප්‍රභාතේ පෙති එකින් එක සිඳින
තෙතමනය නොරැඳුනිද ඔය ඇඟිලි තුඩු අගට

වැසි වසින තෙක් බලා නව ළදලු හිස මතට
පළඳන්න දුක් විඳින තුරු අගිස් නොපෙනේද
අනුන් සිත සදනු වස් ඒ පැතුම් සිඳ දමන
උයන් පල්ලෙකු විනිද නුඹ තවත් මා අසල

නොදන්නා බඳුනකට‍ නෙළන්නට පෙර අතුව
මේ බිමේ දැවි දැවී මියෙන්නට පෙර අතුව
සිඳිනු මැන. සුවඳ දුන් මේ සිහින් නටු අගම
ජීවිතේ පැතුම් මල් පෙති එකින් එක ඉතින

http://suonline.blogspot.com by Su

කැටපත් පවුර: නිශ්ශබ්දතාව කතා කරයි - මහගම සේකර


ඔබගේ හදවතින් නැගෙන
නිහඬ සියුම් අඳෝනාව
අනන්ත වූ අවකාශය
නිශ්ශබ්ද ව අසා සිටියි

ඔබට ඉතා ළඟින් සිටින
ඔබෙන් බොහෝ ඈත වෙසෙන
මම ද
ඔබගෙ දුක් ගී හඬ
එපරිද්දෙන් අසා සිටිමි

දහවල දිව පැන දඟලන
කලබලකාරී ලෝකය
රාත්‍රියේ අඳුර පෙරව
සන්සුන් වී නිදියන කල
ඔබ නොනිදා
කවුළු දොරින්
අහස් ගැබට හෙලූ නෙතින්
මගේ හදේ දුක් ගී හඬ
ඔබේ හදින් අසන විට දි
මම නොනිදා
කවුළු දොරින්
අහස් ගැබට හෙලූ නෙතින්
ඔබේ හදේ දුක් ගී හඬ
මගේ හදින් අසා සිටිමි

අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසල ව අසා සිටියි

ඔබගේ ඇස් වලින් පෙරෙන
කාන්තියෙන් එළිය රැගෙන
පොඩි තරු කැට දිලී නිවී
කඳුළු හෙළා වැළපෙන හැටි
ඒ අවකාශය අතරින්
නිදි නැති මට එවිට පෙනෙයි

මගේ හදින් නැගෙන සුසුම්
අඳුර අතර පා වී ගෙන
කවුළු දොරින් රිංගා විත්
සෙමෙන් ඔබේ හිස පිරි මැද
නිදි නොමැතිව සිටින ඔබගෙ
මුහුණ සිඹිනු ඔබට දැනෙයි

අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසලව අසා සිටියි

ඔබෙත් මගෙත් දුක් ගී හඬ
අසා සිටින අවකාශය
පිටත ලොවට නෑසෙන්නට
නොපෙනෙන්නට මැරී සිටින
ඔබෙත් මගෙත් ආත්මයන්
නිසංසලව එක් කරවයි

මහගම සේකර
සක්වා ලිහිණි - 1962

http://ketapathpawra-blog.blogspot.com by තුෂාරි ප්‍රියංගිකා -කැටපත් පවුර

Thursday, November 25, 2010

මම දෙමළ


වීරසේනගෙ වැඩ තහනමට
රෙදි මෝලේ ගිනිගහන ඉර යට
උගුර ලේ රහ වෙනකම්ම
කෑ ගගහ පිකටින් ඇවිළුව
මම දෙමළ.
වීරෙට වැඩ ලැබුනු පණිවිඩයට
"නඩේ සහෝදරයට ජයවේවා"
රජෙක් සේ උඹලා උස්සන් ගිය
මම දෙමළ.
වෙඩි තිබ්බ වැඩ වැරුමට
වෙඩි වැදුනු සිරිපාලව
අත් දෙකෙන් උස්සන්
හුස්මට දෙකට
මහ රෝහලට පියාඹපු
මම දෙමළ.
සේලයින් වැල් ඇමිණුව ඇඳ ලඟ
"නඩේ මම ණයයි පණ බේරුවට"
සිරා බදාගෙන ඇඬුව
මම දෙමළ.
රෝහලෙන් ඉල්ලූවෙ නැහැ
සිංහල ලේ
ගැබ්බර කුසුමට පණ අදින.
ලියලා තිබුනෙ ඇඳ ඉහපත
"ඕ නෙගටිව්"
මට විතරක් තිබුන
මම දෙමළ.
හෑල්ලූව ලත් සැණින
"පුතේ උඹ අයිති නඩේ මාමට"
පොඩි එකා මගෙ අතට දුන්නට
මම දෙමළ.
වීරෙ උඹේ හඬ ඇහෙනවා
පිකටින් කරන
දෙමළු මරල හරි
සාමය ඕනැයි කියන.
සිරෝ ඉස්පිරිතාලයක් නැහැ මට
ෂෙල් වලට කුඩු වුනු
සමතලා ගල්කෑලි බිල්ඩිම මිස.
කුසුමියේ
"ඕ නෙගටිව්" ලේ
ගලනවා හතර අත
උරන්නෙත් නැහැ
වටිනකමක් දන්නැති
ගල් කාශ්ඨක පොළොවට.
සනුහරේ අමු සොහොණ ලඟ
දරු මුණුපුරන් යායට මැරුණ
පණ අදිනවා මම දැං තනියම
මම දෙමළ.

මහේෂ් මුණසිංහ 2009 මැයි
http://groups.google.com/group/votebahu/

වැහි සේල වට කරන් මුතු කුඩයේ රැලි යටින්… « සමනලීට හිතෙන හැටි……. | Samanalee


ආකාස කුමරි ගෙල බැදි මාල පොට බිදින
සිලි සිලියේ වැහි පබලු මිහි මවගේ මුව සිඹින
සුළඟ හා රැදි ඇගේ රන් තෝඩු දඟ කරන
අහස් කුස නෙක රටා ඇදි විදුලි රැස් විදින

අකීකරු කෙස් රොදත් සුළඟ හා රඟ දෙමින
වැහි බින්දු හෙමි හෙමින් කොපුල් තල මත දුවන
මුදු සේල එතී බඳ වටා ඇගෙ රුව වඩන
මුතු කුඩය යටින් හනි හනික දිව යන ගමන

මුදු සුළඟ එති එතී හමා යන නොතනියට
අදුරු නුබ වලා සේලෙන් වැසී ගිය පැයට
ගත සිතට සුව රැගෙන වඩින මුතු වැසි පොදට
පමා වනු නොහැක යන ගමන ඔහු දකින්නට

සැදෑ හිරු කිරණ යට ගෙවන්නට සිතූ පැය
විහඟ ගී නද මැදින් රඟන්නට පැතූ ඇය
වැහි සේල වට කරන් මුතු කුඩයේ රැලි යටින්
සොඳුරු වැස්සක ඇවිද යාවී අතිනත අරන් සමනලීට හිතෙන හැටි……. |

http://punchisamanalee.wordpress.com by Samanalee

කවි :: පන්හිද පාමුල පිපි අරවින්දිය: සිත්තර සිහිනය..


සිත්තරෙක් වී නම් මම..
හැඩ බලන්නට ඔබේ සිතුවම..
සිත් සේ.!
සුසුම් පොදකින්..
සින රැලකින්..
දිලිසෙනා නෙත්,
පාට ගන්වා...
අකලික ප්‍රේමයේ තෙලි තුඩගින්..
සිත්තරෙක් වී නම් මම...
හැඩ බලන්නට ඔබෙ සිතුවම
සිත් සේ....!

from http://yasasinirma.blogspot.com BY YASASI

Wednesday, November 24, 2010

මෙරට හැටි - මුනිදාස කුමාරතුංග



නිඳන පැදුර හිඳිනා අස්න කන ප ත
බඳුන බොන දරන නම කර බඳින ක ත
වදන තැන ද යන සත දැයි සිහළ ස ත
රඳුන කූල දුහම් පැවතූම කූමක් ව ත

පැරැ කූම් දුටු ගැමුණු නම කියමින් නිත ර
පැරැ දුම් විඳිති ගැහැනුන් අතිනුදු ගෙදු ර
සැරැ හුම් කළ මෙලකැ වැව් වනමින් පත ර
ගැරැ හුම් ලබති සිඳැ බඩැ ගින්නේ වැති ර

ගැරහු නුගූණ ඊයේ අද ගූණයි ව නා
සැරහු බතින් සපයන බත බඩට ම නා
අරහු කියන සතූනුද ගූණ නොපර ය නා
නරහු රනට කෙළි බිම දැන් මෙලක ව නා

නමට ගරු අරුත් දෙන පදු තූන හත ර
අගට මුලට යොදුමින් හිරි කැරැ බැහැ ර
ලොවට සිනා සපයන පඬිවරුන් ස ර
මෙරට වැනි රටෙක් තව ඇත්නම් කව ර

from
http://www.weblk.com/derana/kaviya/ by Kavi Potha - The site of Sinhala Poetry

කවිතා ලතා: කඳු සහ ගෙවල්


ළඟ ළඟ ඉදිවුණ
සම සම උස ඇති
ගෙවලෙහි අසමගි

විරසක මැසිවිලි
මතුවෙනු දැක දැක
ළඟ ළඟ මතු වුණ

නෙක නෙක උස
ඇති කඳු පෙළ
සමගිව මුනිවත

රැකගෙන නිහඬව
පසු වෙන හැටි – අර!

කුමාර කවිරාජ
from http://www.silumina.lk කවිතා ලතා

Tuesday, November 23, 2010

නොපිපි මල... | ~~..... සංසාරේ අපි ..... ~~


අවාරේ වට වැස්සට
දියබත් වනු දැන දැන
නිරුවත් බිමෙක හිස බා
නිදා මෙන් උන් ..නොපිපි මල..

උහුලනු නොහැකි සැඩ ඉරට
වරක් ඇස් දුන් වරදට
කඳුලු වියලෙන ඇසක
ලකුණු ඇත හිරු ලපයක..

මසැසෙන් ගිලිහි බැල්මක
මනැසින් තැවරු වෛවර්ණ
සියැසින් නම් නො එන තතු
රහසින් කියන අවසන...

සුලං කෝඩෙක පැටලුන
පැටලි පැටලී ඇමිණුන
ඇමිණි ඇමිණී ඉහිරුන
කවියක්ය..නොපිපි මල...
http://sansaare.blogspot.com by ජීවිතේමල්

වැම්පයර්: Ran Banda Senevirathne Finale- රණ්බන්ඩා සෙනවිරත්න - අවසන් දිගහැරුම

http://blogvampa.blogspot.com by වැම්පයර්: Ran Banda Senevirathne Finale- රණ්බන්ඩා සෙනවිරත්න - අවසන් දිගහැරුම

වැම්පයර්: Premakeerthi De Alwis

http://blogvampa.blogspot.com by වැම්පයර්: Premakeerthi De Alwis

කවියට පෙම් බැඳ...: Hearts and Scars....


I've held hearts , young and old..
with tearing eyes on first few days
some had scars..old and healed,
ruptured valves, calcified arteries
we measured the length the weight and valves
just to see how much,one's heart had survived

Its really hard to hear and know
is that a gallop, a murmur or an ejection click
We weep and cry and throw it all out,
Tiny pinch pain becomes hard to hold up
The heart gets a scar when it all ends up

listening through membranes right into my ears
All that miseries weeps and tears
lub dub lub dub Ends up with a scar !

http://bodhini.blogspot.com by Bodhini

සජියගෙ සින්හල බ්ලොග් එක: ඇඟිලි පහේ කවි


ආල වඩන අනගි රත්නයෙන් සැරසෙනවා
කෝල නැතිව ආදරයට ඉස්සර වෙනවා
රාලහාමි බව මම කාටත් අඟවනවා
බාල නමුත් සබයෙදි මම සමතෙක් වෙනවා

කමකට නැති බස් කීවා නරකයි මට දැන්
සමහර දන රත්න ජාති මටත් දෙති බොලන්
හැමදේටම වැඩියෙන මම දන්නේ වෙදකන්
මෙම කාරණ නිසා මමත් සමතෙක් වද දැන්

ඔන්න ඉතින් උඹලගේ ලොකුකම මම දැක්කා
දෙන්න දෙන්න දෙ පැත්තෙ ඉඳගන මා රැක්කා
ඉන්න කලට සබයෙදි උස මහතින් බක්කා
දන්නෙ නැද්ද එහෙම නිසා සබයට ලොක්කා

පලවැල රස තුරුර සැම රසගුණ පෙන්නන්නේ
කලබලයක් දුටුවිට නුඹලා ඇකිළෙන්නේ
කොලහල අඬ දබර වලට තනියම යන්නේ
බල සොඳ සපනෙකි ලොව මා කවුරුත් දන්නේ

පොයියංගම් වෙන්ට ම වද උඹලගෙ ලොකු කම
ඇයි බං කාටත් නො පෙනෙද තිබෙන එකතුකම
කොයියම් දේ කරතත් තනියම පැත්තක් මම
දෙයියන්පල් එනිසා පට බැන්ද කෙනෙකි මම

['ජයමඟුල් සිලෝ හා අභිනව ජයමංගල ගාථා' පොතෙන්.]
http://sajithpramodya.blogspot.com by Sajith Pramodaya

මාරයාගේ හෝරාව: තාමත් සිහි වෙවී නිතර..


අතීතයේ සුවඳ දිගේ..
වෙල් ඉපනැලි..කමත් උඩින්..
පාවී එන මතක මැදින්..
මම ආයෙත් ගමට ගොසින්...

හතර වටෙ තිබු කැළෑව..
දුව පැන නැටු කුඹුරු යාය..
දිය බුං ගැසු වැව් තලාව..
මතක පොතේ රැදිනි තාම..

නයි මොනරුන් කොම්බු වවුල්..
මාළුන් සහ කවුඩු රුවින්..
ගල් තලාව ඉස්මත්තේ..
නුල් පන්දු පටලවාන..
සරුංගලේ උඩ යන විට..
උඩ පැන නැටු ළපටි රෑන..

පොල් වතු මැද ඉනි සිටුවා..
දෙපිල ඛෙදී රණ්ඩු වෙවී..
රබර් බෝල පළු යන තුරු..
එළි වූ තැන රෑ වන තුරු..
බිං කරුවල වැටෙනා තුරු..
බෝල ගැසූ සිගිති රෑන..

අපට උරුම අපේ ලොවෙ..
රජ වී සිටි පෙර දවසේ..
සෙල්ලම් සහ පොත් පත් මැද..
පාසල සහ පන්සල තුල..
වැඩිහිටියන ඔවදන් මැද..
ළමා දිවිය ගෙවිණි යසට..

දෑකැති ගෙන ගොයම කපා..
මිටි බැඳ කමතට ඇදලා..
මී හරකුන් දක්කාගෙන..
අත් ට්‍රැක්ටර් පසු කරාන..
ගොයම් කයිය කාපු අයුරු..
තාමත් සිහි වෙවී නිතර..

ආයෙම මට ගම යන්නට..
නොහැකි උනත් එදා වගේ..
දුක් වන්නට ඉඩක් නැතේ..
වැව් පිට්ටනි සිඳී ඇතේ..
කුඹුකෙ ළිඳත් වැසී ඇතේ..
එදා ගමත් අද නොමැතේ..

http://ctkumara.blogspot.com by මාරයා

නන්නත්තාරික ජීවිතය ..........: නන්නත්තාරික ජීවිතය ..........: තොටමුණක දියබත් කවිය


වාරකන් සිත් වෙරළ මත මෘදුව ඇවිද යන
සිප්පි බෙලි කවඩි මුතු පයින් මැඩ
මහා රළ පෙළ නැගී පිය ලකුණු මැකී ගිය
නන්නාදුනන කදුලු වියැලුණිය දෙනෙත් අග

ප්ලාස්ටික් හිස් බදුන් ගොඩගැහෙන ලෝකයක
අරුත්බර හැගුම් සිතුවිලි වලට ඉඩක් නැත
අරමුණක් නැතිව පාවී ඇදෙන මිනිස්වග
අකීකරු සුළගකට අවුල් වූ සිතුවිලිය

ඈත තොටමුණ වෙතට ඇදී යන නෞකාව
මගතොටේ මුණගැහෙන සල්ලාල ලිය බදුය
සලුබරණ පළදවා විදුලි බුබුලින් සදා
මුසාවක පැටලි ගිය අපේ ජීවිත වැනිය

පීඩිතව හෙම්බත්ව ඇවිලෙනා ලෝකයක
දහදියෙන් තෙතබරිත දුම්රියක, මැදිරියෙක
ගී ගයන පද පැටලි අද කොවුල් කූජනය
මිහිරි නැත කියන්නට මගේ සිත අවසගය

සෙලියුලර් තෙලබනුව සවන රදවා සිටින
පෙම්වතුන් යුවලකගේ රැහැන් තොර ආදරය
පෙර කලෙක කවි ලියූ පැරණි පෙම්වතා නොව
තෙවැනි සිල්පද බිදින පෙම්වතිය මෙදා ඇත

කෙන්ටර්කි කුකුලු මස් රස බලන යෞවනය
යුද බිමෙක තුරුණු අතපය සිදී ඇද වැටෙන
නැති කමට ඇග මසද දන් දෙමින මල්වියට
වෙස්සන්තරව නොව ජීවිතේ යලි පතන

ඈත ගිනි කාෂ්ඨක හේන් යායෙක වැවුන
බඩඉරිගු ගස් අතර හිස් කුසින් සැරිසරන
කේඩෑරි මිනිස්සුන් මට, මගේ ඉගෙනුමට
ගණින්නට බැරි තරම් කාසි දන්දී තිබිණ

බොහෝ ණය වී සිටිමි මම මගේ මව්බිමට
ගෙවන්නට හැකිවේද අතැර යන්නට ප්‍රථම
පතා යහපත් හෙටක් අනාගත පරපුරට
වෙමස් කර නික්ම යාමට හැකිද? සිතේ මට..........

http://kapilamgamage.blogspot.com by Kapila M.Gamage

Freedomගේ උඩුගිය: ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?


කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
මඟුල් ඇතා දණගහලා, දෝලාවෙන් වැඩමවලා,
අගමෙහෙසිය වෙන්නද උඹ හිතාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

ආලවඩන ඔමරි ලතා, බාල බොළඳ මිහිරි කතා
හැමදාමත් එක විදියට නෑ පවතින්නේ
මේ කන්නත් පහුව යාවි, අපි දෙතැනක වයස යාවි
ඉර හඳ තරු අපි වෙනුවෙන් නෑ නවතින්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

වනේ දුවන මුවන් බලා, හෙළා ඉවත නෙලූ පලා
නඟේ ඔහොම කොපමණ කල් ඉන්නද යන්නේ?
මට මව්පියො දොස් කියාවි, වෙන එකියක් ගැන සොයාවි
මම නම් නැහැ තනි පැදුරක වයසට යන්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

කිරුළ උරුම කුමාරයෙක්....

ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?//

http://freedom-sl.blogspot.com by Freedom

පිස්සාගේ ලෝකය: ‘මඤඤං කවි’


කොම්පියුටරේ ඇත එතනම පුරුදු ලෙස
මාත් ඉඳිමි 'අත පත' ගා එහි පහස
එනමුදු ‘ස්කයිපයේ’ ඔබ නැත පෙර විලස
ඒදෙස නොබලා ඉමි ‘දෙනෙතේ’ කඳුළු පිස

'ස්කයිපයෙත්' මහ සෙනගක් උන්නා තමයි
'ෆේස් බුක්' එකෙත් තොගයක් හිටියා තමයි
'මැසෙන්ජරෙත්' හෙන රොත්තක් බලා ඉඳියි
කවුරු ඇතත්, නුඹ නොමැතිව ‘දුකම තමයි’

‘වැඩ කෝටියක් ඇත’ මම ඉඳිනෙමි බකං නිලන්
‘මොකවත් නොකරමි’ පෙර ලෙස ත්‍රිලක් අරන්
කොම්පියුටරේ ලඟටම වී දෑස් යොමන්
හෙටවත් නුඹ එතැයි, ඉඳිනෙමි සිනා අරන්....

පිස්සාගේ ලෝකය: http://pissa-pissublog.blogspot.com

Monday, November 22, 2010

කැටපත් පවුර: නූතන ජන කවි - රසික සූරියආරච්චි


මාවිල් ඔයේ වක්කඩ හැංගූ හකුරූ
පුදුමාතලන් වෙරලේ දියවුනු අයුරූ
රට වටකර බැන්දත් සුවිසල් පවුරූ
ලෝ දම් කෙලෙස වලකනු හැකිවෙද? මිතුරූ

අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

තිස් වසරක් යුධ ගින්නේ දැවුනු සඳ
ඇස් අන්ධව කන් බිහිරිව නොයාවිද
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්නද?

යුධයට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද? අද යු නැතුව
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

ගසා දුම් බඹර පරපුර එලවාපං
කඩා ගත් මීය රස කරමින් කාපං
මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
එපා ලෙවකන්න කෑ අත හෝදාපං

මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?

- රසික සූරියආරච්චි
http://ketapathpawra-blog.blogspot.com by Thushari Priyangika &
Jagath J Edirisinghe

මල් තුහින: පතල් කරුවාගෙ බිරිඳගේ කවි


වංගුවෙන් ඇදුණාය බස් එක කලුවරට
පංගු පේරුවටද නාවේ ම'ඇත් රජ
ඩෙංගු මදුරුවොත් තලමින් රඟන වට
උංගු කෙලී වැළපෙන හැටි පෙනෙනවද

පොලුත් තෙලුත් නැතුවා උයනට රසට
දෙලුත් තැම්බුවා ලුණු ඉහගෙන කන්ට
අළුත් මාළු කොයි ඇඹුලට හින්දන්ට
සිලුත් බිඳෙනවා අග හිග කම් වලට

පාළොස්වකට සිල් ගත්තා බඩගින්න
හීලත්, දවල් දන් දුන් අය නිවන් දකී
හතර පෝයටම ඇත්නම් අට සීලේ
ගෙදර අපායෙන් මං ගැලවෙනවාමයි

පතල් කවි නොකියා එෆ්.එම්. අහන හිමී
කරවල, රට හාල් අර ගෙන එන්න හොඳයි
මඩේ එරෙන පා යුග, දෑතේ කූඩේ
ගරන මැණික් සැප දෙන්නේ කා හටද?

http://akkandi.blogspot.com by අක්කණ්ඩි

(((කැම්පස් කවි))) හික්ස්...!


නරියා හු කියයි ඩිග්‍රිය ඌට නැත
එළුවට රැවුල ඇත කැම්පස් ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික පමණි ඩිග්‍රිය නම් පලක් නැත
----------------------------------------------
සමතුලිතයෙහි දි ඔබ හා එක්වෙන්න
ඉල්ලුම තිබුණි හද උතුරා පිටවෙන්න
සැපයුම නොලද තැන ඔබගෙන් ඇතිවෙන්න
සිදුවුනි මෙමට සමතුලිතෙන් විසිවෙන්න
----------------------------------------------
සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතු
අම්මා දනී නම් මේ සරසවියේ තතු
වර බොල කොලුවො යයි දෙනෙතින් කඳුලු යුතු
ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතු
----------------------------------------------
මා ද ඔබ විය
ඔබ ද මා විය
ඔබ අන්සතු විය
මට කෙල විය
----------------------------------------------
බඩ ගිනි වෙලා මා ගිය කල ජිම් එකට
ගල් වුණු වඩේ විතරක් තිබුණි කැමට
කුල් ප්ලෙන්ටිය උගුරෙන් යන කලට
තු නොදකින් සිතුනා විඳිනා දුකට

http://dkumara.blogspot.com by Danushka Kumara

....... මඩවල ඇස් . රත්නායක - ADA LIYAWENA KAVI: අද ලියවෙන කවි


ඉහත දින සචස සිට - සුපිරිසිදු ගුවන් ගැබ
මහා බරකින් බරව - වලා පෙරහැර සැදෙයි
කදු බිම්ද තැනිතලා - ගහ වැලද වන පෙත්ද
මගේ හිත පරිද්දෙන් - දැලි අගුරැ ගෑවිලා
කළුවරයි පාළුවයි - එකිනෙකට දැවටිලා
මහද විදුලිය කොටා - අහස මෙන් සුසුම් ලන
තනි කමේ සීතලෙන්-නැගෙයි දැඩි වේදනා
මට එයින් ගැලවෙන්න - විදුලි කොටමින් තවත්
වැඩි වෙලාවක් නොගොස් - වැසි බිමට වැටීයන්
http://adaliyawenakavi.blogspot.com by අසෝක තිලකරත්න(මඩවල ඇස් . රත්නායක - මාර යුද්ධය )

නාගලකන්ද - විමල් දිසානායක ලියූ කවි: අපි වෙමු සිංහල ලේඛකයෝ


කුස ගින්නෙන් දරුවන් වැලපෙද්දී
ඇට කටු ඇඟ මස් සිදුරු කරද්දී
දුගඳ හමන පොඩි පැල්පත් අතරින්
දුප්පත්කම හෙලූවෙන් දුව එද්දී
රස්සා සොයමින් තරුණ තරුණියන්
නගරය මැද දාඩිය වස්සද්දී
එක්ටැම් ගෙයි මතු මහලට නැගිලා
සුවඳ බොජුන් වලඳා අම පැන් බී
විසිත්ත කාමරයේ පේවී හිඳ
බටහිර සාහිත ලොවෙහි ගැඹුරු තැන්
මතු කොට ඒ ගැන තර්ක කරමු අපි

http://nagalakanda.blogspot.com by Professor විමල් දිසානායක

අකීකරු මගෙ කවි හිත! | ~~..... සංසාරේ අපි ..... ~~


නිදා උන් මල් පෙත්තක්
ඇහැරවමි හිරිකඩින් තෙත් අලුයමක
ලියන්නට අලුත් සුරඟන කතාවක් එ'මත
නොපීදුනු අරුණට පෙර හනික ....

නෙලන්නේ නැතැයි කියන නොකියන දෑතක
ගුලිවී සිටින නොපොහොණි මල් පෙති මතට
කඳුලැල්ලක් වපුරමි වට අසණි මැද
අස්වැන්නට අයිතිවාසිකම් නැති කෙම් බිමක

අහිමිකමෙක අපුලින් තොරව
අසරණව පපුතුරකට හිස දී සැඟව ගෙන
නොපීදුනු අතීතයට කල ගුණෙන් බැල්ම ලා
වර්තමානය න‍ටු අගින් සිඳිමි මම...

අතීතයෙන් කෙලෙසන ලද
අමාරුවෙන් හෙලන ජීවන හුස්මක්
ඇඬූ කඳුලින් පිරිපහදු කොට
අනාගතය පසිඳින්නට අවසර සොයමි මම

ඇසිල්ලක ඇති වී මියෙන සොඳුරු බව
විඳිනු රිසි දඟකාර හිත් පියුම මත,
පිපී හැකිලෙන හස රේණුවෙක කෙලවර
රහසක් ඔතා නිදි ගන්වමි මම....

අනේ !
කීව නාහන..
අකීකරු මගෙ හිත !

දුක අහන සොඳුරු ප්‍රශ්නාර්ථය
යලි යලිත් නිදි ගැට හරින සිහිනය
නිදනු මිස ..‍රැයටම තනි රකිනු මිස
පහන් වන හිමිදිරිය තෙක්ම ‍රැ‍ඳෙනු නොහැකිද?

නොදන්නා සේ ඒ පපුතුරට හිස දෙන
නොදරුවෙකු නිදන මේ හදවත
පුරන් අතීතය මත වර්තමානයම වපුරන
අලුත් අස්වනු නෙලන් තෙක් ඉනු නොහැකිද?

අනේ කියන දේ නාහන
නුඹ!
අකීකරු මගෙ කවි හිත!
http://sansaare.blogspot.com by ජීවිතේ මල්

සොඳුරු සිත ( Beautiful Mind ): ෴ කවි පොතේ තැනක මා වෙනුවෙන් ඉඩක් තියන්න ෴

සොඳුරු සිත ( Beautiful Mind ): ෴ කවි පොතේ තැනක මා වෙනුවෙන් ඉඩක් තියන්න ෴

maa dakina sihina: ඒ මම..


කන්ද මුදුන'ත තනිවුණ
ගිනිහුළක් ළඟ වැතිරෙන
මිනිසෙකු සිරුර අවසඟ
දුටුවාද ඔබ මැදියම..?

නිදි වරා හිඳ තුන්යම
ලියූ කවියද ගුලිකොට
ගිනි තැබූවෙකු අලුයම..
දුටුවාද ඔබ කිසිදින..?

තෙරක් නොමැතිව පාවෙන
හිතක් නැති මේකුළකට
නතර වෙන්නැයි පවසන
කෙනෙක් සිටියෙද මිහිමත..?

මෝසම් වැස්ස කෙළවර
ඉතිරි වුන කළ ගොළුවත..
වැහිළිහිණින්ට අමතන
මියැසියක හඬ ඇසුණිද..?

මළහිරු ගිලෙනු දැක දැක
බොහෝ සිතුවිලි සිරකොට..
චිතකය අසළ මරණය
පතන මිනිසෙකු දුටුවෙද..?
http://maadakinasihina.blogspot.com BY RASIKA JAYAKODY

මගේ රට by පී.බී.අල්විස් පෙරේරා from Kavi Potha - The site of Sinhala Poetry



1. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇ ටය
පණ ඇති මහා සමුදුර පවුරෙන් ව ටය
හෙල දිවයින මගෙයි මා ඉපදුණ ර ටය
ලොව අන් සියලු දිවයින් මේකට ය ටය

2. මහවැලි කැළණි වළවේ කළු යන ගංගා
සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා

3. උණුසුම සිසිල සහ අතරෙහි සම ගු ණය
ඇති අන් රටක් නැත,මගෙ රට ඇති තැ නය
මුව,මී,ගෝණ,ඇත් සේනා යුතු ව නය
පවසන්නේය මට ඇති ජාතික ධ නය

4. අගනා දුලබ වන මල් ගොමු ඇත බැ ද්දේ
තුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි ස ද්දේ
මීදුම් පටල පෙර වූ නිල් කඳු මැ ද්දේ
සීතල රිදී දියවැල් පහළට ඇ ද්දේ

5. තෝපා, තඹලගම, මිණිපේ, මින්නේ රි
මහ වැව් වලින් දියවැල් ඇදෙමින් බේ රි
සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේ රි
මගෙ ලක් මෑණියන්දෑ හරි පින් කා රි

6. අඹ,දුඹ,පේර,වැළ,වරකා,අන්නා සී
රඹුටන්,දිවුල්,බෙලි,මොර තුරු අග රා සී
පලතුරු ඉදී සුවඳින් අමරස පෑ සී
ගෙන දෙන්නේය මගෙ ලක්මව වෙත ආ සී

7. සැපසේ වැඩුණු නව දලු යුතු තුරු වැ ල්ය
මී මැසි බමර මිණි මැද වැජඹෙන ම ල්ය
බැලු බැලු පසින් හැම පැත්තෙන් ගණ නි ල්ය
පස් පියුමෙන් පිරී බබලන දිය වි ල්ය

8. අව්කණ ගල් වෙහෙර ඇත මහ පිළිම තැ ණු
සුකිරි වගෙයි පුත්තලමේ මිදුණු ලු ණු
සීගිරි ගලේ සිතුවම් ලොව පුදුම වු ණු
ආඩම්බරයි ලෝවා මහ පහයෙ ක ණු

9. වළවේ දෙනුන් හට කිරි හැම දිනම එ රේ
වන්නියෙ බඳෙන මීවද පැනි බිමට පෙ රේ
මුතුපර තිබේ සමුදුර රැළි අතර තු රේ
පොළවේ මැණික් උපදිනවා රත්නපු රේ

10. රුහුණේ කුඹුරු සරු සාරයි එක හී යයි
මින්නේරියේ ජනපදයයි වෙල් යා යයි
රජරට පලාතේ පමණක් වැව් සී යයි
මේවා බලන්නට මෙන් ඉර හඳ පා යයි

11. නටබුන් නගර අනුරාපුර පොළොන්න රු
පේරාදෙණිය,හග්ගල මල් උයන් ස රු
දුම්හිඳ වගේ මහ දිය ඇලි කඳින් ප රු
මැද මහනුවර දළදා හිමි සඳුන් ග රු

12. හරියට නියම කාලය තුළ වහින වැ සී
නව තඹ පාට වැල්ලක් හැම තැනම දි සී
දිවයින මගේ මුළු ලෝකය කරන ව සී
දණ බිම ඔබා නිතරම නැමදුමට නි සී

පී.බී.අල්විස් පෙරේරා (1947)
from Kavi Potha - The site of Sinhala Poetry

මල් තුහින: බඩගින්න


බඩගින්න මගේ නොව අනුන් ගෙය
පාන් පොත්තකට ඇස් අයාගෙන
හඬන දස දහසක ගෙ බඩගින්න
මට මැවුණි, මට දැනිණි

මගේ වෑයම ඔවුන් කුස ගිනිත් නිවා ගෙන
සුගත් ගෞතම මුනිදු දෙසූ බණවර අසන
මනසකුත් ඔවුන් හට දන් දෙමින
ඔවුන් සමගම එකම සද්ධර්ම මඩුල්ලක
මෙතේ මහ මුනිදුගෙන් බණ අසා
දකින්නයි, සදා කාලික නිවන!

http://akkandi.blogspot.com by අක්කණ්ඩි

Sunday, November 21, 2010

කටුරොදු ගම by "කේයස්" from Kavi Potha



1. බඩවැටි මල් පඳුරු මුඩුබිම් පිසිමි න්නේ
කටුරොද ගම්මානයට මඳුනල එ න්නේ
පුර පසළොස්වකට පුන්සඳු පාය න්නේ
මැණිකේ නිසා බව ටික දෙනෙකුයි ද න්නේ

2. වෙල බඩ මල් පඳුරු වල මල් පුබුදි න්ට
මී මැස්සන්ට රස මීයක් බැඳ ග න්ට
මිහිරි සිහින බැලුමට කිරි දරුව න්ට
පුළුවන් වේද මැණිකේ මෙහි නොසිටි න්ට

3. කටුරොද මඩ වගුරුවල මානෙල් ඕ ලු
මැණිකෙගෙ මුහුණ බැලුමට පොර කනවා ලු
පැල්පත තුළ තනිව වෙසෙනා ඇගෙ පා ලු
කැපුමට සුළඟ රස ගී පවසනවා ලු

4. රුවැත් තියක් මුත් කුලදම් සිරීත් සෙවී
ඇවැත් නොමැති මේ මැණිකෙට හිතැත් තිවී
ජගත් සිරී ඈ වෙනුවෙන් අළුත් වෙවී
අදුත් කියයි රස සංගීතවත් කවී

5. නෙත් අඳ පුතා දුවසක් මව වෙත පැමිණ
සිප ගනිමින් නොපෙණෙතත් මවගේ මුහුණ
අම්මේ මේ ළමයි හොඳු නැහැ බොරු කියන
කිව්වම ඈ විතාළා මොකදැයි කරුණ

6. මල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දුකිනවා කියනා ඒවා
මොනවද අම්මේ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා

7. මල්වල හොඳු සුවඳ මිස පාටක් කොහෙ ද
ඒවා මොලොක් බව තේරෙනවා මට ද
එලියක් කියා මොකවත් හෙම තියෙනව ද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොක ද

8. උණුසුම දැනේ දහවල් මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මම කණ කොලුවෙක්ලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා

9. ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙ ක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙ ක
පාට කියා ඇත්නම් ගතියක් මල ක
අම්මේ අත නොගෑවෙන එක තමයි දු ක

10. ලස්සණ කියන දේ නැහැයට වත් කණ ට
මගේ දිවට හරි මගෙ අතපය වල ට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කල ට
ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය ම ට
by "කේයස්"
http://www.weblk.com/derana/kaviya/ Kavi Potha - The site of Sinhala Poetry

මොනිකා රුවන් පතිරණගේ හිපොක්රටීස් සහ රෝගිනිය කාව්ය සංග්රහයෙන්


කියන්න මහතාණෙනි මට
ඔබද උතුම් හිපොක්රටීස්
ලොකු කොළුවා මට දවසක්
පොතක තිබී කියාදුන්නෙ
වෙද සතරේ පියාණන්ලූ
හිපොක්රටීස් නම් උතුමා
ඒ ඔබදැයි කියන්න මට
දොස්තරලා දිවුරුම් දෙන
ඒ උත්තම දිනයේදී
සාක්කියට බලා ඉන්නෙ
උඩ අහසේ දෙවිවරුන්ලූ
එ් දිවුරුම කියා දුන්නෙ
හිපොක්රටීස් උත්තමයලූ
මගෙ ඉගෙනුම ඉවරවෙලා
දිවුරුම් දෙන දවසේදී
දිවුරුම් දී අප කවුරුත්
පොරොන්දුවක් වෙනව තමයි
සේවයටම කැපවෙන්නට
එයින් පසුව මා කිසිදා
මතක් කලේ නැත ඔහු ගැන
උදේම රජයේ රෝහල
හවසට චැනල්වලම
ගඟක් වගේ ඇදී ගලන
රෝගී ජන ගංගාවේ
ලෙඩුන් එගොඩ දමනු මිසක්
මතක කොහිද හිපොක්රටීස්

http://bodhini.blogspot.com by "Bodhini" මොනිකා රුවන් පතිරණගේ හිපොක්රටීස් සහ රෝගිනිය කාව්ය සංග්රහයෙන්

හද බිඳි සර..: සුබ පැතුම් !


(A Birthday Wish to Someone who's filled my world with so much love ..)
සසර හුරු ලෙසින් නුඹ මුණ ගැසී
නිතර රැඳි නෙත කඳුලු මග හැරී
අතර මග දිවියෙ බර දැරු හැටී
ඒ මතක දිව අවුත් මගේ හද සිඹී

ළෙව් නැගෙන ස්නේහයෙ ඔසුවෙනී
මගෙ ළයේ දුක් තාප නසමිනී
කල් සපිරි සඳ සේම නැගෙමිනී
හිත් අහස එකළු කළ'යුරු අගී

ඉඳු සැව් විලස වැහි පිට ඇඳී
කවි ගී ලෙසින් ගල පිට රැඳී
සේයා සේම ළඟ ළඟ වැටී
මා හද බිඳෙන සර නුඹම වී

කල් බැලූ තුටු සිහින වියළෙමින
සුසුම් ගත වැදෙන දුර අප නැතී
අද රැයේ සීනයෙන් සිරස සිඹ
පැතුම් එක්කරමි ආදරෙන් හද පිරී
http://suonline.blogspot.com by සු෴

Boondi Lexicon: The Lunatic in Town


I am the champion
Who narrates in public
All the nasty dreams
You see
During the night
But, do not disclose

I am the companion
Of dogs and crows
Who prowl about
And feed on
The left –overs of the city

I am the poet
Who views the rainbows
Painted in the sky
And count the lightnings
Flashing in the sky

I am the hermit
Who barges in to your midst
Throwing the empty hand about
In fun and frolic
When you tread
With heavy steps
And heavier heads

I am the lunatic
Who combs the city
With sleepless eyes
When you all are
Cuddle at home
In deep slumber

Impedes (1999) – By Ariyawansa Ranaweera
http://boondilexicon.blogspot.com extracted from “Echoing Ethos” by E.M.G. Edirisinghe

Deva Blog: අන්දරේගේ කවි......


1. වතට ලවනතට නුඹ බලන බැල්මට
වරලසට ‍බෙල්ලට නළලට නාසිකාවට
ගමනට බසට නුඹ හට ලොබ කළ මෙමට
මොනවට කියම් නිදි නැත රැය තුන් යමට

2. යන්තම් සිනා නුඹෙ මූනට කුමක් වැනී
රන් දම් වැලක මල් පෙති ඇමුණුවා වැනී
අන්දම් ඊට සරි කරතොත් කුමක් වැනී
පන්දම් වැට උඩින් හ‍‍‍‍ද පෑව්වා වැනී

3. පතුල බැසා අල උදුරන කලට ලියේ
මකුල සේම වත ඉහලට යාය ලියේ
මුකුළු සිනා අප දැක කෝඩු කාරියේ
කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ

4. ඉහළ ගෙදර තල පැදුරේ කොබෙයියා
පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා
මන් දැකලා දොර අස්සෙන් එබෙයියා
ටිකිරි නගේ පියයුරු කයි කොබෙයියා

5. හිරකර ඇතත් තන පට තද කරම් බැද
දුරටම මට පෙනුනි නුඹෙ රං තැඹිලි කද
කරදර කරති මට මාගේ කිපුනු මද
නරකද මාත් නා ගත්තොත් එකට හිද

6. පායන්නේ තරිදු ලොව එළි කරණ මෙනි
රෑ වෙන්නේ ල‍දේ නුඹ වෙත ගත් ලොබිනි
නොසොයන්නේ මෙමා පූරුවෙ කල පවිනි
ගෑණුන්නේ තරම දැනුනේ මට නුඹෙනි

7. ලේනුන් නොයන අතු අග ගිජිදු යන ර‍ගේ
පීනුන් නොදැන බැස්සා වැන්න මහ ගගේ
මාළුන් කෙලියාට දිය බොර වේද ගගේ
ගෑනුන් දුටුවාම බඩ දගලාය මගේ

8. මහමී කුඩාමී වනයේ බොහොම ඇතී
කොයි කොයි මලෙන් මුත් බඹරුන් රොන් ගනිතී
කොතන උනත් හරිනෙද මැණික රුව ඇතී
රුව ඇත්නම් අඩු කුලයද කමක් නැතී

9. පල ඇත්නම් වවුලොත් එල්ලෙති පේණු
රුව ඇත්නම් අපටත් බස් දෙති ගෑණු
දෑසින් එයි කදුලු බිදු නොහැකිය වාණු
ඉතින් මොටද මේ වයසට නැති ගෑණු
http://sdevinda.blogspot.com by Devinda Abayagunawardana

පඩත්තල කවි ~ 8 වැනි කණිසම...


කලකදි වහලු තව කලකදි රස වේලූ
කලකදි එල වේලු කලකදි කුණු වේලු
කලකදි රජ වේලු කලකදි බලු වේලු
කලකදි ප්‍රේමි කලකදි ද්‍රෝහිය වේලු

යාචක දන්සල් දෙන උතුමාණන්
මතට තිත තැබූ හෙළ නිරිඳානන්
රටක හෙටක් සුව කරන වෙදානන්
අපේ භාරකරු ‍මහ රජිඳානන්

මම මේ හමුවට එනවා යනවා
අරලිය මල් කොල ම‍ට පෑගෙනවා
සුරා බිඳක් මගෙ තොල ගෑවෙනවා
එල්ලාවල හිමි ස‍මාව දෙනවා

ජැකයි, පාඨලියි, සෝමෙයි, රතනයි
රේණුයි කුසුමුයි කුමාරි අක්කයි,
මඩ හෝදන්නට එන ලිඳ මේකයි
මේ ලිඳ ලඟ ඇස් බී අවිවේකයි
http://8thkanisama.blogspot.com by ගෝමස්

කැටපත් පවුර: Poems of Kamala Das

කැටපත් පවුර: Poems of Kamala Das: "

Love

Until I found you,
I wrote verse, drew pictures,
And, went out with friends
For walks…
Now that I love you,
Curled like an old mongrel
My life lies, content,
In you….
http://ketapathpawra-blog.blogspot.com (From Summer in Calcutta)"

කුතුහලය… « නොකියූ කවි…

කැළඹුන ජීවිත
බලා සිටී
කුතුහලයෙන්…

යුධ ජය,
ඝෝෂාවදෙස බලා සිටී
කුතුහලයෙන්….

මලානික වුනු නුඹේ දෑසින්
බලාසිටී නුඹ
අපටකුමක්වීද?
කුතුහලයෙන්…

යුක්තිය,සාදාරණත්වය, අයිතිය,
නුඹලාගේ අනාගත පැවැත්ම,
බලා සිටී
කුතුහලයෙන්…

http://hithalu.wordpress.com by රුෂිකා කලුබෝවිලගේ

..:: සිහිනයක සිහිනය ::..: කොටු වූ ජීවිත


කොටුවකින් බැස
පටු මාවත් දිගේ
තවත් කොටුවක් තුලට
කොටු වෙලා

කොටු කෙරුනු තිරය මත
කොටු වැටුනු අකුරු හා
ගොඩනගයි කොටු නොවූ
ජීවිතේ...

දිග කොටු සල්ලි කොල
මත මැවුනු ලෝකයේ..,
කොටු කපයි
කොටු මවයි
කොටු පනියි
මිනිසුන්,

පැන යන්න
සිහිනයේ...
http://sihinayakasihinaya.blogspot.com by Dinu

Saturday, November 20, 2010

මහගම සේකර.. Mahagama Sekera: මක්නිසාද යත්, උපුටනය 04


බිඳෙන් බිඳෙන් ජලේ
පයිප්පයෙන් වැටේ
බෙලෙක්ක ටින් රැගත්
ළමෝ වටා සිටිත්.

ඇටෙන් ඇටේ ඉලේ
හමෙන් නෙරා පෙනේ
බතක් නැතත් කුසේ
බඩත් පිරී තිබේ
උඩින් උඩින්දෙපා
තබා මඩින් මිදී
සුරංගනාවියෝ
මුඩුක්කුවෙන් බසිත්

ඉහින් කනින් පිරී
ඩබල් ඩෙකර් දුවයි
ඇසුත් කනුත් වසා
නගින්නෙ දූවිලියි

නොකා නොබී කෙසේ
මැරෙම්ද හාමතේ
කකා කකා කියා
හඬත්ය කාකයෝමහගම සේකර..
http://mahagamasekera.blogspot.com
by මහගම සේකර: මක්නිසාද යත් උපුටනයකි

නිදහස් අදහස් - : ඔබ


තනිකම කරන සඳ සෝබර හද දැදුරූ
වටකොට මහද වූවා මුළු ලොව අඳුරූ
වී නම් යමක් ඒ මොහොතෙහි මට සොඳුරූ
වදනක් පමණි රහසින් ඔබ මට කෙඳූරූ

ජීවන ගගන නැඟ ආ සඳ අඳුරු වළා
වැළපුණි මහද, තනිකම හා එකතු වෙලා
දිරි දී, නැගෙන්නට ඒ දුක ඉවත හෙළා
සඳවත නුඔ මගේ ලොව යළි එකළු කළා

වියළී ඉරිතැලී කතරක් වී තිබුණූ
හදබිම යළි වරක් නිල් උයනක් කෙරුණු
ජීවන දියෙන් පුරවාලන හද පොකුණූ
වැසි දිය ඔබය, නොක‍ෙලක වුව ඇද හැලුණූ.
http://expressedfree.blogspot.com by Priyantha Weerasinghe

කවි සිතිවිලි « ~මන්දාකිණිය~


මතක මන්දිර අතර සංහිඳ
කන්ද පාමුල බලා හිඳිනෙමි
මතක සුවඳට ලොබ බැඳුනු සිත
අතීතය හා කථාවක පොඩි
මතක පිණි බිඳු පොකුරු අහුරම
තබා මගෙ මේ සිත මතම නිති
වින්ද සෙනෙහස දුරක ගියමුත්
කඳුළු නම් තව මා ළඟම ඇති
මතක මං පෙත ඇවිද යන්නට
පෙර පුරුදු ලෙස සෙමින් වත් අපි
එන්න නෑවිත් යන්නේ කොහොමද
නවත ගන්නට හදන්නෑ යලි.
http://nimanthi.wordpress.com by Nimanthi ~මන්දාකිණිය~

නොපිපි මල... | ~~..... සංසාරේ අපි ..... ~~


අවාරේ වට වැස්සට
දියබත් වනු දැන දැන
නිරුවත් බිමෙක හිස බා
නිදා මෙන් උන් ..නොපිපි මල..

උහුලනු නොහැකි සැඩ ඉරට
වරක් ඇස් දුන් වරදට
කඳුලු වියලෙන ඇසක
ලකුණු ඇත හිරු ලපයක..

මසැසෙන් ගිලිහි බැල්මක
මනැසින් තැවරු වෛවර්ණ
සියැසින් නම් නො එන තතු
රහසින් කියන අවසන...

සුලං කෝඩෙක පැටලුන
පැටලි පැටලී ඇමිණුන
ඇමිණි ඇමිණී ඉහිරුන
කවියක්ය..නොපිපි මල...
http://sansaare.blogspot.com by ජීවිතේ මල්

ඉඩෝරයක් ! « ඇසිල්ලක කවි සිතුවිලි


වේලුන ඉපල් අහසට දිගු කර දෑත
පෑදුන වැලි ගල්ද ගැන දුක්බර ගීත
සෑදුන පෑවිල්ල දිය බිඳුවක ශීත
සෙනහස සිසිල ගැන කොඳුරති දුර ඈත

වැටහෙන දැනෙන හිරු හැඩ රැස් පිච්චිල්ලයි
තණ අග වියළිපත් හැර කූඹින් රැල්ලයි
පළඟැටි රාවයේ දහවල දෙඩවිල්ලයි
දුක්බර බලා සිටිනා දුක් නෙත් රැල්ලයි

ඉහිළුම් නොදෙන මිහිකත ඉරිතලා මඩ
තුරු කොළ වියලෙනා දලු කොළ හඬන හඬ
දරු පැටවුන් බැඳන් රිළවුන් දුවන හැඩ
හද දුක් සුසුම් ළඟ හද හද මියෙන හඬ

දෙවියන් සිත් සතන් ගැන විමසුම් නැතිව
මුහුකුරා නොගොස් උන් සැඩ සිත් ඇතිව
නුබ ගැබ වැහි කෝඩ තුරුළට ගෙන නතුව
රවටයි නොරවටයි දහසක් දිය නැතුව

http://asillaka.wordpress.com by ලිලානි පියරත්න

අපා පෝලිම « eXtremes of Truth


පෙනෙයි.. පන්ති කාමරයේ සීලිම් සිදුරු තුලින් ගලා එන හිරු එලිය
දිස්වෙයි.. තුන් මසකට කලින් අලුත් වැඩියා කෙරුනු ගේට්ටුවට ඔබ්බෙන් ඇති කඩතොලු වූ පාර

නොදනිමි.. මවක් අත සිටින ලදරුවා හඬන හේතුව

දැනෙයි.. මේ සෞම්‍ය උදෑසන සිහිල් සුලඟ… නමුදු අන් කවරෙකුටවත් එය නොදන්නවා වැන්න

පනිති.. මිනිසුන් පිරිසක් බිමට, නොනැවතුනු හේතුවෙන් බසය

සිනහවෙයි.. සොල්දාදුවන් කිහිපදෙනෙක්, හැඟීම් දැනෙන්නේ ඔවුනට පමනක් මෙන්

සිටිති.. මිනිසුන් පිරිසක්, පාට පාට ඇඳුමින් සැරසී… බොරු සිනහවෙන් මුහුනු සරසමින්, මකාලන්නට බැරිව, ඔවුන්ගේම දුප්පත්කම!

විසිකලා මා ඒ කොලය… කීතු කීතු වලට ඉරමින්…

ඉඩදී පෝලිමේ අනෙකුන්ට… ලකුනු කරන්නට ඔවුන්ගේම ගමන නිරයට!
http://harshadewa.wordpress.com by Harshadewa Ariyasinghe

සිත්රූ: රූපවාහිනිය....


වෙඩි හඬට මදුරුවන් සේ මියෙන
රුපුන් ගැන අඩු වැඩිය දිග හරින

හෙට තනන ජාතියේ සොහොන් ගෙට
නිතර ඔළුගෙඩි ගනින....

සිංහලෙන් විතරක්ම කතාවෙන
අන්ඩර දෙමළ නොතේරෙන

පපු කැහුතු නැතිවම
මැද සාලෙ රෑ අටට ලේ ගලන

දුප්පත්කම නිසා
තවමත් පොලවෙ නොගැසුව

ජාතියේ රුධිරවාහිනිය
http://sithru.blogspot.com by සුදාර...

Friday, November 19, 2010

එහෙත් ඔබට මා – මහගමසේකර « කවිසිත්.com


එහෙත්
ඔබට මා පරාජය කල හැකිය.
ඔබ දිනා
මගේ මල කඳ උඩින්
දික් විජය කරන විට
මහ පටැඟිල්ලෙන් පොලොව සාරමින්
මහ පොලොව මත
මගේ් වේදනා මම ලියමි.
ලොව සදහටම නොනැසී පවතින්නේ
දිනුම නැගූ ඔල්වරසන් හඩ නොව
පැරදුම නැංවූ ලතෝනියයි.

http://kavisith.wordpress.com මක්නිසාදයත් – මහගමසේ්කර « කවිසිත්.com

සිර ගත කල පෙම - Seegiri Community



දම් පාට අහස යට පෙම් පාට පිරුනු රැලි
නුවර වැව් ඉවුර ලඟ තනිවෙලා......
පෙම් කතා අමතකව පෙම් සිනා හඬ නැතිව
බංකු පොඩි එක පෙලට තනිවෙලා....

එදා වැව් රවුම වට මැවූ පෙම් කතන්දර
දෙනෝ දාහක් හිතේ සිරවෙලා
ප්‍රේමයේ අස්වැන්න කපාගෙන ගෙනියන්න
රාලහාමිලා එයි උන් සොයා

පෙම් නොකල සිත් ඇතුව මෙලොව එලි දුටු එවුන්
හඬ නගන බහු බූත අස අසා
කාකි රූ බැටන් පොලු මග වඩීදෝ කියා
මල් සරා අතු අගක සැඟවිලා
http://www.seegiri.com by Harshana - Seegiri Community

~ කන උන්දෑ ~සාගර පළන්සූරිය by Seegiri Community


~ කන උන්දෑ ~
මා දිනූ ගමේ පොඩි කාලේ වෙසෙන කල
මතකයි හොඳට නා ගහ මුල තිබුණු පැල
කවුරුත් දන්න අඳුනන යක්ගැහැලෙ හෙළ
කන උන්දෑය විසුවේ මේ කුටිය තුළ

ඇඟේ ඇස් දෙකම අන්ධය එනමුත් පුදුම
අඳුනන්නීය ඈ කොස්විනි මුළු ගමම
දුප්පත් නමුත් ඈ කවදාවත් එහෙම
පහතට නොබැස්සා හිඟමනකට තරම

හරකා සතා මගදී හමුවන ඇයට
කාගෙද කියා කිව හැකි නිවරදි ලෙසට
කොපමණ දුරට ඈ හුරුපුරුදු ද ගමට
බල්ලෙක් පවා නුබුරයි කිසි විට ඇයට

ඇය ආ වෙලාවට අප ගෙදරට දොරට
ලොකු සතුටක්ය පොඩි දරුවන් වන අපට
ඇය ඇතුළත් වුනේ අප කුළුපග බවට
කොහොමද කියා මට පැහැදිලි නැත දැනට

ඈ හොඳ හොඳ කතා කවී සීපද දන්නී
ඒවා රසට පැය ගණනක් පවසන්නී
අපගේ විහිළු වෙනසක් නොතකන්නී
කන උන්දෑ අපේ මිතුරිය වී උන්නී

කලකට පසුව ඇය විසූ පැල්පත පැවතී
නාගහ මුලට මම ගොස් බැලුවෙමි නැවතී
පැල තිබූ ගෙපළ මත නා කොළ ගොඩ මහතී
ඇය මළ බව පවා දන්නෙක් ගම නොමැතී

http://www.seegiri.com - by Seegiri Community
~සාගර පළන්සූරිය

සොඳුරු සිත ( Beautiful Mind ): ෴ ගිනි තැබූ කවි පොත ෴

සොඳුරු සිත ( Beautiful Mind ): ෴ ගිනි තැබූ කවි පොත ෴http://sodurusitha.blogspot.com by Wath

පර්ත් කවි - සුනිල් ගෝවින්නගේ පද්‍ය නිර්මාණ: එතර සිට කරන ඉල්ලීමකි


ලියන්නේ කවි කුමට මතක සඟවන රටට
ලැබෙන්නේ නැත සරණ ලියූමුත් කවි නිබඳ
පතන්නේ කවි බසක් නොව හදකි බස් දොඩන
සිතන්නේ ගං වතුර ඔබේ රට ගොදුර වෙන

දෙරට තොරතුරු අතර ශෝකයකි ගං වතුර
ලියන කවියක් වුව ද පාරුවක් නොවනු ඇත
බඩගින්න මැද හඬන දුක් තැවුල් මැකෙනු නැත
කවි මගින් එවන්නට නොමැත තිළිණයක් අද

දෙව් බඹුන් උරණ වී එවූ මහ වැස්සක් ද
සරණ නැති දන නෙතට නැගි කඳුළු ගංඟා ද
රට රකින නිරිඳුන්ට එවු සාප වැස්සක් ද
ලියා දන්වනු මැනවි දිනෙක කිවිසුරු සබඳ
http://perthkavi.blogspot.com by පර්ත් ග්‍රාමවාසී සුනිල් ගෝවින්නගේ

අනේ ඔබ නැති රුදුරු කල්පය කවදා යාවිද ගතවෙලා……. « සමනලීට හිතෙන හැටි……. | Samanalee


පියුම් නොපිපෙයි අතු අගින් අද තුරු මුදුන් ඈත මැලවිලා
සොවින් වැලපෙන කුරුලු ගී පද කදුලු දෙනෙතට ලං කලා
පාලු අහසට දරනු බැරි බර කදුලු වැසි පොද දියකලා
මල් සුවද නැති බොල් සුලග දැවටෙයි සුසුම් වැල් පුරවලා

සදේ එළියෙන් කුමුදු නොපිපෙයි රිදී විල් දිය සැගවිලා
තරුද නොදිලෙන හිස් අහස මගෙ සිතේ කැඩපත් රුව වෙලා
හදේ සෝ දුක් සුසුම් රැලි වල වලා සේලය පැටලිලා
හිරුත් දෙවැනියි නැගෙන දුක් ගිනි දවන මා හද රිදවලා

රුව දකිනු නැති ​වදන් නොඈසෙන දුරක ඉන්නට සිදුවෙලා
සෙනෙහෙ වදනින් පිරෙන දෙසවන් වැසී පාලුව රජවෙලා
සිනා මල් සහසක් මැදින් දැවටෙන්න ඔබ ලග සැනසිලා
අනේ ඔබ නැති රුදුරු කල්පය කවදා යාවිද ගතවෙලා

පාලුවෙන් තැවෙන සමනලීගෙනි… « http://punchisamanalee.wordpress.com by සමනලී

කවි :: පන්හිද පාමුල පිපි අරවින්දිය: ලෝකය තනි යායක්..


ලෝකය තනි යායක්..

මතකයන් ගෙන් යා වුන...

ලෝකය එක යායක්..

එකිනෙකා ලග නැවතුන...

බිදී විසිරුන සිත් ඇති...

ලෝකය සිත් යායක්..

එකෙක් හදුනන ,

තවකෙක් නාදුනන!

http://yasasinirma.blogspot.com by Yasasi

~~~:::.අහිංසකි.:::~~~: හුදෙකලාවේ කවි සිතුවිලි


නුඹ
පහන් දැල්ලක් වූ
මගේ ලෝකයේ ....
මම
එ වටා කැරකෙනා පළගැටියෙක් වී
නුඹේ ප්‍රේමයෙන්
පිළිස්සී.......
දැවී.............
ගිනිගෙන.........
මිය යන්නම් ..........

http://ahinsaki.blogspot.com by අහිංසකි

Thursday, November 18, 2010

නුඹ.........

රල නැඟූ මුතු සිනා අසිරියෙන්
වැලපෙනා අහිංසක වෙරල ගැන
දැන සිටියො කවරහුද නුඹම මිස
මෙ මිහිතලයෙහි .........

වසන්තය නිමා කර ගිම්හානයම ලංකර
කඳුළු මුතු ඉතිරි කර හැර ගියපු අරුමය
දැන සිටියො කවරහුද නුඹම මිස
මෙ ගඟනතෙහි .........

අවරෙහි ගිලෙන හිරු දැක පුංචි තරුවක් මඟ හැර
සඳම ලංකර හිනැහෙන බව
දැන සිටියො කවරහුද නුඹම මිස
මෙ විශ්වයෙහි .........

වලදැමූ අතීතයෙ සුසානය මත වැතිර
කෙලිදෙලෙන් සන්තොසින් රඟන බව
දැන සිටියො කවරහුද නුඹම මිස
මෙ දිවි ම‍ෙගහි .........


by SAC

Guru geethaya_ගුරු ගීතය

from http://gurugeethaya.blogspot.com Indika Gunawardena's blog

Wednesday, November 17, 2010

~නික්මගිය වසන්තය~ « ~මන්දාකිණිය~

~නික්මගිය වසන්තය~ « ~මන්දාකිණිය~
වසන්තය හෙමි හෙමින් නික්ම යයි
හරියටම ඔබ ගියා වගේමයි
තනිකමට සිත සෙමෙන් පුරුදු වෙයි
එකින් එක හැලී ගිය කොළමෙනැයි
කටුක සීතල හොරෙන් අඩි තබයි
කඳුලු නෙත තෙමන සැම රැය වගෙයි
වසාලමි හද කවුළු දොර සෙමින්
මේ පාලු තනිකමම මට හොඳයි.

සත් සිහින: elusive

සත් සිහින: elusiveසිහින කළතා
අහසේ අඳිනෙමි
පාට සියයක් දිලෙන දේදුණු...
ඒ අතර නුඹ
හිමින් ඇවිදින්
හිරු මුවාකර සිනාසෙන’යුරු !
සරැළි කළතා
දියෙහි ලියනෙමි
වදන් නැති මගේ කවිය සුමියුරු...
එදිය රැළි මැද
කුමුදු පුබුදා
නුඹ සඳක් වී සිනාසෙන ‘යුරු!
සිතැඟි කළතා
හදෙහි තවරමි
සිඹින්නට බැරි මලක රොන්සුණු...
නුඹ සුළඟ වී
ගතේ දැවටී
සුවඳ ගෙනැවිත් සිනාසෙන’යුරු!
http://sathsihina.blogspot.com by malithi

Tuesday, November 16, 2010

අකීකරු හිත: දැක්කත් ඇති, නිවන් යන්නට

අකීකරු හිත: දැක්කත් ඇති, නිවන් යන්නට: "ගැහැණු චපලය....
එලෙසමද පිරිමින්?????
අපෝ නෑ.................
දැක්කත් ඇති
නිවන් යන්නට
දැක්ක තැන මල් තියා වැදපන්..
දනින් වැටී..........
සාදූ සාදූ........

http://akikaruhitha.blogspot.com by අකීකරු හිත "

සිහින දකින්නියකගේ අඩවිය: වෙරළ ඔබ සිහිනෙකී


නිවී හැනහිල්ලේ
අලසව, මගේ පාඩුවේ
යන්නට නොදී ඔහේ
කවුද කලබල ඇති කලේ

ගල් පර වල හැපේ
දකින විට ඔබ වෙරළ වී
නොනැවත ඉන් මිදී
යළිදු නැඟ එමි වෙර යෙදී

විසල් රළ කඳු වෙවී
ආ මුත් රැඳෙන්නට බැරී
වෙරළ ඔබ සිහිනෙකී
සයුර වෙත මම ගලා යන්නෙමි
http://sonduru-sihina.blogspot.com by ස්වප්නා

සත් සිහින: සදා ඉන්නම්


රළු පරළු ගල් අතර
කඩා වැටි තරුවක්ව
දූලි වැකි මංපෙතක
වැටුණු හිම කඳුලක්ව
රටා පිරි දිවිමඟේ
නොගැලපෙන ලකුණක්ව
සදා ඉන්නම් සිතේ
හෙලනු බැරි සුසුමක්ව
http://sathsihina.blogspot.com by malithi

සෙවිල්ලෙන්.. « ~මන්දාකිණිය~


අහස ගුගුරා පොලව දෙදරා
මහා වැසි ඇද හැලෙද්දින්
තිගැස්සෙන සිත වසංගාගෙන
අදත් මම නම් නිසොල්මන්
කළු වලාවක එක් නිමේෂෙක
ඇඳී යන ආලෝකයෙන්
බලමි පෙරමඟ ඒවිදැයි නුඹ
ඒත් සිත දෙගිඩියාවෙන්
තවුස් දැහැනක දැහැන් ගතවූ
නෙතම පමණක් සෙවිල්ලෙන්
http://nimanthi.wordpress.com by Nimanthi

Guru geethaya_ගුරු ගීතය

Guru geethaya_ගුරු ගීතය

http://gurugeethaya.blogspot.com by Indika Gunawardena

..:::ජීවිතය අතින් ගෙන!:::..: නුඹ ඇවිදින් ගිහින් වගේ...


පහන් කරන්නට නොහැකි රාත්‍රිය
නුඹ ඇවිදින් සක්මන් කරනා.....
වසා ගන්න බැහැ දෙනෙත් පියන් යුග
නුඹ ඇවිදින් සිහිනෙක වුන්නා...

මවාගන්න බැහැ මගේ සිහින ලොව...
නුඹ ඇවිදින් තනියට වුන්නා....
හිතාගන්න බැහැ හිතට මගේ අද...
නුඹ කවුදෝ ම සිත තුල රැදෙනා......

සසර නොතේරෙන කමට මගේ ඔහේ
නුඹ ළඟ දැවටී පෙම් කෙරුවා....
අනියත දිවියක අරුත පසක් කර.
නුඹ මා හැර යා යුතු බව කීවා....

සිහිනය හිස්විය රැයද පහන්විය
නුඹ ඇවිදින් ආපසු ගොස් තිබුණා....
වසාගන්න බැරි දෙනෙත් පියන් අඟ
සීතල කඳුලක් ඉතිරිවුනා...........

http://ashanslife.blogspot.com by අෂාන් රවීන්

නොතිව් තිත: යලි නොකියවමි ඒ පොත


එක් කලෙක - එක හුස්මට
නිදි වරාගෙන - මුව අයාගෙන
අකුරක් නෑර කියවූ
පොතකි
දැන් නුඹ මට

දූවිලි කමින් දුර්වර්නව
පඩු පැහැ මැවුනු පිටුමත
පුස් ලප කැලැල් රොද බැද
දුක් විදී අද ඒ පොත
කොහේහෝ කොතැනක

ලෝකයේ අදුරට හසුව
නෙත් තියුනු වී ඇත අද
ජීවිතේ සන්ග්‍රාමයේ යුද වැද
මුවහත්ය දිවි කගපත්ද දැන්

කියෙව්වොත් යලිත් ඒ පොත
නවරස සුවද මෙන් කඩතොලු
මතු වෙතත්

යලි නොකියවමි ඒ පොත

වැකිදොස් වැරදි අක්ශර මගහැර
සියලු රසභාව පමනක්ම උරාගත්
පිටපතක් ඇත හද මතක තුල
තැන්පත්ව
දින දින පැහැදිලිව ඔප වෙන

රැකගෙන ඒ සොදුරු මහරු හද පිටපත
අන්සතු කරමි නොසොදුරු සැබෑ පිටපත


http://nothiwthitha.blogspot.com by susantha moonamalpe

හිරු ප්‍රභා: එතෙක්

හිරු ප්‍රභා: එතෙක්: "
ලියන ලියන කවියක් ගානේ
කියව කියවා ගියද ඔබ,
ලියූ හැම පදයක්ම
ඔබට ලියූ වග
කවිය කියවන ඔබට
නොතේරෙන වග දනිමි.

මා ලියූ කවි පේලි
තේරුන යම් දිනකදී
ඔබෙන් නොලැබෙන ආදරෙන්
මගේ හිත හඩන හැටි,
ඔබට ඇහේවි.....

එතෙක්,

මම ලියමි,
ඔබ කියවාවී,"
http://hiruprabha.blogspot.com by හිරු ප්‍රභා

බූන්දි|BOONDI: KAVI BOONDIYA | කාර්යාල කාර්ය සහායක ගේ මරණය - [ආරියවංශ රණවීර]

බූන්දි|BOONDI: KAVI BOONDIYA |
රිය එක නින්නාද කළ
නැටුම්
කෙළි කවට සිනා
මළගෙට හරියටම හැතැප්මයක් මෙහාදී
නතර කොට
පැළැන්දහ
ඔවුහු
සෝක මූණු

රියෙන් බැස
නියඟය දපා ගෙන හිඳින
වෙල් එළිය හරහා වැටුණු
නිරන්තර පා මැඩුමෙන්
සුදු වුණු නියර දි ගේ ගොස්
හිඳී බී ගත් මළ දොළින් පැන
පිවිසුණහ මළ ගෙට

ගිලිණු නෙත් කෙවෙනි තුළ
කසිප්පුවෙන් ඉදිමුණු නෙතින්
හතර පස් දෙනෙකු තැන තැන
දොඩන වාචාල බස් කපා ගෙන
ඉඳ හිට
පොළොව දෙදරවා විත්
සිරුරු විනිවිද යන
කම්පා නාදයකි
ගෙතුළ ගැහැණියක ගේ

කන්තෝරුවේ
නෝනලා මහත්තැන් හැඳි
සුදුම සුදු ඇඳුම් දෙස
මුව අයා බලා
මුළු මුළු වන
කිළිටි දරු පැටව්
හය හත් දෙනෙකි

සංක් ෂේප කොට
මේ සියල්ල
ගුලි වී සිටී
ලෑලි පෙට්ටි යේ
පිදුරු වහලය දික් කර
හදිසි යේ බෑ
යාලත්ත යට
කෙසඟ
මළ සිරුර

හැරී යන විට
නිහඬ රිය තුළ
සෝපත් සැබෑ මූණු
නොවෙනස්වම තිබිණි
හැතැප්මයකට වඩා
බොහෝ දුර

[ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ 1988]

ආරියවංශ රණවීර

සත් සිහින: කිව මැන


මගේ සුසුමට
තවත් නුඹගේ
එකම සුසුමක් මුහු කරනු මැන
නුරා නෙතු අග
පිපෙන හැඟුමන්
සිහිනයක් නොව සපථ කළ මැන

හද කුටිය මැද
අගුළු ලාගෙන
නවාතැන් ගත් අයුරු කිව මැන
පැතුම් නුපදා
මතක අද්දර
දිවි ගෙවන'යුරු කියා දෙනු මැන


http://sathsihina.blogspot.com by malithi

පිටස්තර‍යාගේ ලෝකය: තවමත් දුවමි..

පිටස්තර‍යාගේ ලෝකය: පරාජිතයින්ගේ කඳුළින්
සුසුමින් නොතෙත්වූ..


http://poornaloka.blogspot.com by ``` Outsider```

හිරු ප්‍රභා: සීතල කාලේ අවිත්

හිරු ප්‍රභා: සීතල කාලේ අවිත්: "ගිය අවුරුද්දට එපිට අවුරුද්දෙ,සීතල කාලේ හිම වැටුනම,මතකද ඔයයි මමයිමිදුනු විල ඉස්මත්තෙ ඉදන්විලට ගල් ගහපු හැටි.... එතකොට ගිය අවුරුද්දේ,ඒත් හිම ..."

http://hiruprabha.blogspot.com by හිරු ප්‍රභා

ජීවිතය…

නිරෝෂා ලක්මාලි, පුංචි කෙල්ලකුගේ සිතුවිලි: "කඳුලැළි මුසු දෙනෙත සඟවා සීනා සෙන
නෑඹුල් පැතුම් හද මඬලින් හිඟා කන ..." 
http://niroshabmv.wordpress.com by නිරෝෂා ලක්මාලි, පුංචි කෙල්ලකුගේ සිතුවිලි,

KAVI BOONDIYA | තරුණ විය - [විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.]

බූන්දි|BOONDI : තරුණ විය: "මහ දුරක් සීරුවට
තබා පා පොඩි බියෙන්
ගෙනා මහ දිය බඳුන
තබා බැලුවෙම් බියෙන් ..." 
http://boondionline.blogspot.com by විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි

සොඳුරු සිත ( Beautiful Mind ): ෴ පටලැවිල්ල ෴

සොඳුරු සිත ( Beautiful Mind ): ෴ පටලැවිල්ල ෴: "පාට පාට සේද සේද හරි ලස්සන රාක්කයක පිළිවලකට හරි හැඩයට හිටියා මම ඈත දිනක දවසක් නුඹ ළඟට ආව  සෙනෙහස උණුසුම පුදාන ඒ ආදර හිත පස්සෙන් වැටිලා මම ..."

http://sodurusitha.blogspot.com by wath

.............. :සත් සිහින

සත් සිහින: ..............: "අනුරාග නෙතු දෙකින්
හෙමි හෙමින් පවසන්න
අප හෙලූ ඒ සුසුම්
සිහිනයක් නොවන බව..!..." 
http://sathsihina.blogspot.com by Malithi

Monday, November 15, 2010

දවසින් දවසට : සත් සිහින

සත් සිහින: දවසින් දවසට: "දවසින් දවසට හිරු පිපි අහසක පැහැබර දවසක කවියක් වී හිත ළඟට වෙලා මොහොතක් හිනැහී සිත යට කිමිදී පාවී යනු මැන විලස වළා ..." 
http://sathsihina.blogspot.com by Malithi

Sunday, November 14, 2010

අඹ ගහ යට: නුඹ නමින්

අඹ ගහ යට: නුඹ නමින්: "සුපිපුනු සුවඳ මල් හසරැලි මුව ගවසා සඳ කැන් වලින් සිහිලස ගෙන හද තවරා මදනළ සමඟ හාදව ගී පද මුමුනා නුඹ ළඟ රැදෙමි හැමදා ..." 
http://ambagaha.blogspot.com

~~~:::.අහිංසකි.:::~~~: ආයෙමත් නැ දවසක්

~~~:::.අහිංසකි.:::~~~: ආයෙමත් නැ දවසක්: "මේ සොඳුරු නින්ද්‍රාවේ ආයෙමත් නැ දවසක්, අපට මේ අද වාගේ .......... මොහොතකට අමතක කරදමා අවට ලෝකයම හුදෙකලා වෙමුද අපි? මේ අහස යට..... ආයෙමත් නැ..."
අහිංසකිගේ  http://ahinsaki.blogspot.com

අකීකරු හිත: කඩපන් මගේ හිත

අකීකරු හිත: කඩපන් මගේ හිත: "මලක් වෙන්න දන්නෙ නෑ මම ඒ නිසයි ගලක් වුනේ.... මල් පෙති කඩන තරම් ලේසි නෑ, ගලක් කඩන එක... ..."

අකීකරු හිත:  http://akikaruhitha.blogspot.com